
( ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)
තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලන පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු තුවාල ලබා ඇත.
පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලයට කාබයිට් එකතු උනහම ඇසිටලින් කියන වායුව හැදෙනව, ඒක වහා ගිනිගන්නා වායුවක්, ඒක නොදත් රසායනික කම්හලේ මනුස්සයා හරිම කනගාටුයි.
ටොයිලට් වලට කාබයිඩ් දාන්න එපා. කාබයිඩ් වතුර සමග ප්‍රතික්‍රියා කරලා ඇසිටිලීන් වායුව හදනවා. මේක තමා ගෑස් වෙල්ඩින් කරන්න ගන්න වායුව. ඉතින් ඕක පුපුරන එක පුදුමයක් නෙවේ. බටය බ්ලොක් වෙලා නම් වල සුද්ද කරලා ඊට පස්සේ ළඟ පාත ගස් මුල් මගින් බටෙය බ්ලොක් වෙලාද බලන්න.
කාබයිට් ජලයට එක් කළාම ඇසිටිලීන් වායුව හැදෙනවා. එය වහා ගිනිගන්නවා. කුඩා ගිනි පුපුරක් ඇති ඒකට. අතේ යකඩයක් තිබිලා ගලක හැපුණත් ඒ ඇති ගිනි ගන්න. මේ මනුස්සයාට වැරදි උපදෙස් දුන් කෙනා අත් අඩංගුවට ගන්න.