
(රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ජනතාවට වස කවන ආයතන රටට හෙළි කරන්නැයි ඉල්ලා සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ උද්ඝෝෂණ කොළඹ නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය ඉදිරිපිට දී අද (09) පැවැත්විණ.
සමාජවාදී තරුණ සංගමයේ සාමාජික සාමාජිකාවන් මෙන්ම කුඩා දරු දැරියන් ඇතුළුව ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
විවිධ රසායනික ද්‍රව්‍ය හා විෂ අඩංගු වෙළඳපොලේ දැනට ඇති ආහාර වර්ග වහාම හෙළි කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.
ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආහාර වල විෂ තියෙනවා කියලා ප්‍රශ්න කරන්න පටන්ගත්තේ අද ඊයෙක නොවේ.. අම්මෝ දැන්නේ දිසානායක ගොයියා නැගිටලා තියෙන්නේ.., ගිය මාස ටිකේ රසායනික පොහොර නැහැ කියලා මේ අය පාරේ දැඟලුවේ... රසායනික පොහොරවල විස තියෙනවා කියලා දන්නේ නැතිවද? ගිහිල්ල CIC එක ඉස්සරහ උද්ඝෝෂණය කරා නම් නරකද?
මුස්ලිම් රටවල් වලින් ආහාරද්‍රව්‍ය ගෙන්වන අය සහ ඒ ආහාර ද්‍රව්‍ය ආහාරයට නුසුදුසු බව තරයේ මතක තියා ගන්න.
මේ SLS අධ්‍යක්ෂිකා. සිද්ධිකා සේනාරත්න වහාම තනතුරෙන් පහ කරන්න. රටේ මුලු ජනතාවගේම ඉල්ලීම එකයි. මේ ගොල්ලන් කම්පැණි කාරයන්ගෙන් අතයටින් කෝටිගණන් සල්ලි ගන්න එක අද එළිවෙලා තියෙන්නේ..