
(අංජුල මහික වීරරත්න)
අනුරාධපුරයේ ඉදිකරන ලද මෙගාවොට් 10/ මෙගාවොට් පැය 40 බැටරි බලශක්ති ගබඩා පද්ධතිය, ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) සිදු විය.
මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ නැංවීමේ අරමුණින් ස්ටෝර්එක්ස් (Storex) පුද්ගලික සමාගමේ දායකත්වයෙන් මෙම බලශක්ති ගබඩා පද්ධතිය ස්ථාපනය කර තිබේ.
බලශක්ති ගබඩා කිරීමේ බැටරි පද්ධති තාක්ෂණය වත්මන් බලශක්ති ක්ෂේත්රයේ ඇති සුවිශේෂම සහ වඩාත් කාර්යක්ෂම තාක්ෂණය වේ. දිවා කාලයේ නිපදවන අතිරික්ත සූර්ය බලය ගබඩාකර රාත්‍රී කාලයේ විදුලි ඉල්ලුම වැඩි අවස්ථාවට ජාතික පද්ධතියට මුදා හැරීම මෙම තාක්ෂණයේ විශේෂත්වයයි.
ජාතික විදුලිබල ජාලයේ ස්ථායීතාවය වර්ධනය කරමින්, බලශක්ති ගබඩා කිරීමේ පද්ධති 13ක් මෙගාවොට් 130ක සහ මෙගාවොට් පැය 520ක ධාරිතාවකින් යුතුව ජාතික විදුලි බල පද්ධතියට එක් කිරීම ස්ටෝර්එක්ස් (Storex) පුද්ගලික සමාගමේ සමස්ත ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙන අතර ඉන් පළමු බලශක්ති ගබඩා පද්ධතිය මෙලෙස අනුරාධපුරයේදී ජාතික විදුලි බල පද්ධතියට එක් කෙරිණි. ඉතිරි ව්‍යාපෘතිද ඉදිරි මාස දෙක, තුන තුළ නිම කරමින් ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නියමිත බව මෙහිදී සඳහන් කෙරිණි.
සමරු ඵලකය නිරාවරණය කර බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක් වූ ජනාධිපතිවරයා බැටරි ගබඩා පද්ධතිය පිහිටි පරිශ්‍රය නිරීක්ෂණය කිරීමට එක් විය.
ව්‍යාපෘතිය යටතේ තම්මැන්නාපුර විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා මුද්‍රණ යන්ත්‍රයක් ලබා දීම සහ එහි සාමාන්‍ය පෙළ ගණිතය සහ විද්‍යාව හරාදණ සිසුන් වෙනුවෙන් ශිෂ්‍යත්ව 10ක් පිළිගැන්වීමද මෙහිදී ජනාධිපතිවරයා අතින් සංකේතාත්මකව සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd