(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවිරරත්න)
පිළිකා කාරක අඩංගු පොල්තෙල් රටට ඇතුළු වී ඇත්දැයි සෙවීමට පරීක්ෂණයක් පවත්වන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයාට තමා උපදෙස් දුන් බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවැසීය.
අහිතකර පොල්තෙල් මෙරට වෙළෙඳපොළේ තිබෙන බවට කිසිදු පාරිභෝගිකයකු මෙතෙක් පැමිණිලි ඉදිරිපත් කර නැතැයි කී ගුණවර්ධන මහතා එලෙස පැමිණිල්ලක් ඉදිරිපත් වී නැතත්, මෙ තොරතුරු සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට තමා තීරණය කළ බව ද ප්‍රකාශ කළේය.
අහිතකර පොල්තෙල් පිළිබඳ කාරණය එක්තරා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළිදරව්කර ඇති හෙයින් එ ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත් වූ පිරිස සොයාගෙන ඒ අයගෙන් තොරතුරු ලබාගෙන අහිතකර පොල්තෙල් තිබේ නම් එහි සුලමුල සොයා ගැනීමට කටයුතු කරන ලෙසට තමා නිලධාරීන්ට උපදෙස් දුන් බවත් මේ පොල්තෙල් රට තුළට ගෙන ඒම නොකරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය දැනුම් දී තිබියදී ඒවා රට තුළට ගෙන ආවා නම් එහි වරද පැටවෙන්නේ රේගුවට බවත් ගුණවර්ධන මහතා පැවැසීය
පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාල්මිල යට ගහන්න... දැන් එහෙනම් පොල්තෙල් ගැන කතා කරමු.
ඊට කලින් සාධාරණ මිලකට පොල්ගෙඩියක් සල්ලිදිලා ගන්න තැනක් හොයාගන්න පරීක්ෂණයක් කළොත් නරකද ඇමතිතුමෝ?
ඕක ඇත්ත නම් එයින් ජාතියක් ලෙඩ වෙනවා කියලා තේරෙන් නැද්ද? වගකිව යුතු පුද්ගලයින්ට උපරිම දඬුවම් ලබාදිය යුතුයි.
පාරිභෝගිකයන් පරීක්ෂණ කරන්න තරම් දියුණු නෑ. රේගුවෙන් පරීක්ෂා කරලා ගේන්න ඕනේ...
ලංකාවේ ඇමති බුරුවන් හිතාගෙන ඉන්නේ පාරිභෝගිකයින් බඩු ගන්නේ තෙල්වල පිළිකා කාරක කියලා ගහලා නැත්නම් ලැබ්වල ටෙස්ට් කරලා කියලා... ඉතින් කුණු බඩු, පිළිකා කාරක බඩු ඔය හොර ව්‍යාපාරිකයින් මිනිස්සුන්ට කවන අහන්නත් දෙයක්ද? ඔය පාරිභෝගික අධිකාරිය, ප්‍රමිති ආයතනය, ඔක්කොම වහන්න අපි ටෙස්ට් කරලා කන්නම්...
කොහොමද 69 ලක්ෂයට දැන් සැපද? කරපු පව කවදා ගෙවලා ඉවර වෙයිද මන්දා...?
මේ ගෙනාපු පොල්තෙල් විස සහිතයි නම් වගකීම රජය බාරගත යුතුයි. ඒකට තමයි මහජනතාවගේ මුදල් වලින් නිලධාරින් පත්කරලා තියෙන්නේ. බන්දුල අමැතිතුමෝ බයිලා ගහන්න එපා, මහජනතාව මෝඩයින් නොවේ. සහ ඔබලාගේ සෙල්ලම්ද දනිති.
බොරලුගොඩ රිලවාගේ තව රිලා නැටුමක්..
අනේ ලංකාවේ අපනයන බෝග ආදායමෙන් තුන්වන තැනට තිබුණු පොල්. අද විෂ පොල්තෙල් පිටරටින් ගෙන්වන්න වෙලා. නිදහසෙන් පස්සේ අපේ කියන නායකයින් අපේ රටට කරළා තියෙන විපත පේනවද? අපේ ඡන්දෙ දෙන අයට...!
2500 පවුලක් කාලා ඉන්න සහ අවුරුදු බඩුමල්ලට ගෙනාපුවා.