(දයාරත්න ඇඹෝගම සහ පැතුම් දර්ශන)

වාහල්කඩ ජලාශ රක්ෂිතයේ ගාල්කර සිටි වසු පැටිවකු මස් ලබාගැනිම සදහා ඝාතනය කළ බව කියන යුධ හමුදා ලාන්ස් කොප්රල්වරයකු හා හමුදා භයකු ඊයේ (15) දින අත්අඩංගුවට ගත්බව කපුගොල්ලෑව පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහ නබඩවැව,තිත්තගෝණැවේ පදිංචි 41 හැවිරිදි යුධ හමුදා ලාන්ස් කොප්රල්වරයෙකු හා 30 හැවිරිදි යුධ හමුදා භටයෙකි.

මෙම ලාන්ස් කොප්රල්වරයා ඇතාවැටුනවැව,කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ හමුදා කදවුරකත් හමුදා භටයා නොච්චියාගම,හැළඹවැව ප්‍රදේශයේ හමුදා කදවුරකටත් අනුයුක්තව සේවය කරන බව පොලිසිය කියයි.

සැකකරුවන් දෙදෙනා නිවාඩු ලබා සිය නිවෙස්වලට පැමිණ සිටියදි ගව ඝාතනය සිදුකර ඇති බවද පොලිසිය පැවසිය.

තාමරවැව,කපුගොල්ලෑව පදිංචි 47 හැවිරිදි ගොවියකු විසින් සිදුකළ පැමිණිල්ල මත මෙම පුද්ගලයන් දෙදෙනා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබුණි.