(සුජිත් හේවාජූලිගේ සහ අංජුල මහීකවීරරත්න)
පිළිකා කාරක ඇපලටොක්සීන් අඩංගු පොල්තෙල් එක බිඳක් හෝ වෙළෙඳපොළට නිකුත් වී නැතැයි තමා වගකීමෙන් ප්‍රකාශ කරන බව පොල් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවැසීය.
පොල්තෙල්වල අඩංගු වන ඇපලටොක්සීන් කියන විෂ රසායනය පිරිපහදුවේදී ඉවත් වන නමුත් ආන්දෝලනාත්මක පොත්තෙල් තොගයේ ඇපලටොක්සීන් වැඩි ප්‍රතිශතයක් අන්තර්ගතවී පවතින හෙයින් පිරිපහදුවේදී ඒවා ඉවත් නොවන බවත් එම තෙල් තොගය ප්‍රතිඅපනයනය කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යංශය රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දි ඇත්තේ ඒ අනුව බවත් රාජ්‍ය අමාත්‍යවරයා කියයි.
ඒ අනුව එම පොල්තෙල් තොගයෙන් එක බිඳක් වෙළෙඳ පොළට නිකුත් වී නැතැයි ද ඔහු කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරු එක්කෙනා කියන්නේ. මේකෙන්ම ඔප්පු වෙනවා අශ්වයා පැනලා ගිහින් ඉවරයි කියලා.
විෂ පොල්තෙල්? දැන් ඔබතුමා නිවෙස් නිරෝධායනය ගැන කතාකරන්නේ නැත්තේ මොකද?
කොන්ද පණ තියෙන නායකයෙක් හිටියා නම් එක එකාට මේ විදිහට පිස්සු නටන්න දෙන්නේ නැහැ. අපේ රටේ අවාසනාවට තවම එහෙම කෙනෙක් නැහැ.
"පුහුල් හොරා කරෙන් දැනෙයි" කිව්වලු. සමහරවිට, ඒ ගොල්ලන්ගේ පැත්තේ, "හොරාට කලින් වැට පනිනවා" ත් ඇති මගේ හිතේ...
අන්න දඹුල්ලෙන් කඩ දෙකක් අල්ලාලු විෂ පොල්තෙල් විකුණලා... වියත්මගේ සගයාගේ කම්පැණියෙන් ආනයනය කරපු ඒවානේ. එයාට නඩු නැතිව ඇති.
මෙයා කිව්වා නම් ආයේ දෙකක් නැහැ. ෂුවර් එකටම හරි. අපි නොදන්න දේශපාලුවෝ...
විෂ පොල්තෙල්... මොකක්ද එතනෝල් ගැන කියන්නේ? ඡන්දෙ දෙන අයට තමයි අල්ලගෙන ගහන්න ඕනෑ.
නියම බඩුවක් කියන්නේ. පළාතටම කසිප්පු දෙන එතනෝල් මුදලාලිලා තමයි. හිටපු පොලිස් ඒකකයත් විසුරවා හැරලා ASP වත් මාරුකළානේ... රටේ රූකඩ පාලකයෝ ඉන්නකොට ඔහොම තමයි.
අවුරුදු 7කට පමණ පෙර එක්නැලිගොඩ ඉතාලියේදී දැක්කා. 2019 අප්‍රේල් මාසේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දීම. පසුගිය මාසේ හෝටල් නිරෝධායන මාෆියාවට විරුද්ධව සටන් කිරීම සහ නිවස නිරෝධායනය කිරීම... මේ සියලු ප්‍රශ්න දැනි විසඳිලාද? විෂ පොල්තෙල් ප්‍රශ්නයත් සති 2-3කින් යට යාවිද?
පසුගිය දිනක වෙළඳපොලින් මම ගනිපු පොල්තෙල් බොර පාටයි. දවස් 2ක් යන කොට බෝතලය පතුලේ මණ්ඩි තැන්පත් වුණා. එහෙමකට පොල්තෙල් සුවඳකුත් නැහැ. සැක නිසා කෑමට භාවිතා කළේ නැහැ. පහන පත්තු කරන්න පමණක් තියා ගත්තා.
ඒ වුණාට කඩවල්වල විකුණන්න තියෙනවා. මාර වැඩක් ලංකාවට වුනේ...