
(යොහාන් භාසුර)
ආනයනය කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය අන්තර්ගත වීම නිසා එක සමාගමක පොල්තෙල් දෙවැනි වරටත් තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති නුෂාඩ් පෙරේරා මහතා පවසයි.
සාමාන්‍යයෙන් ප්‍රමිති ආයතනය පොල්තෙල් තොගයකින් සාම්පල් දෙකක් ලබාගන්නා බවත් එක සමාගමක දෙවැනි සම්පලය ද තත්ත්ව පරීක්‍ෂණය අසමත් වූ බවත් නුෂාඩ් පෙරේරා මහතා සඳහන් කරයි.
අදාල ආනයනික සමාගමේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන් නැමැති පිළිකා කාරකය නියමිත ප්‍රමාණය ඉක්මවා පැවතීම තත්ත්ව පරීක්‍ෂාව අසමත් වීමට හේතුව බවත් එම තොගය ප්‍රතිඅපනයන කිරීමේ වගකීම රේගුව සතු බවත් සභාපතිවරයා පවසයි.
සභාපතිවරයා පැවසුවේ තවත් සමාගම් තුනක පොල්තෙල්වල දෙවැනි සාම්පල් මේ වන විටත් පරීක්‍ෂා කරමින් සිටින බවත් ඒවායේ ප්‍රතිඵල හෙට ලැබීමට නියමිත බවත්ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කලින් වතාවේ මේ පුද්ගලයාම කිව්වේ ඔයිට හාත්පසින්ම වෙනස් කතාවක් නේද? ජනතා විරෝධය ආණ්ඩුවට එරෙහිව නැගීගෙන එනකොට තැටිය මාරු වුණා නේද? ඉදිරියටත් ජනතාවට ඇස් කන් ඇරගෙන අවදානයෙන් ඉන්න වෙයි මෙවන් අනතුරුවලින් තමුන්ගේ තම දරු පැටවුන්ගේ ජීවිත බේරා ගන්න නම්... ආණ්ඩුව ගැන හෝ ආණ්ඩුවේ ආයතන ගැන විශ්වාස නොකළ යුතුයි.
අනේද කියන්නේ... දී කිරට බළල්ලුත් සාක්කිලු නේද?
කම්පැණියේ නම කිව්වා නම් නරකද?
අවංක පුරවැසියන් සියල්ලන්ම සිටින්නේ මේ එකඳු සමාගමග නමක් හෝ ඒ සමාගම්වල අධ්‍යක්ෂකයින්ගේ නම් ගම් හෝ අඩු වශයෙන් ඒ ඒ සමාගම් අයිතිකරුවන්ගේ නම්වත් පුරවැසියන්ගේ දැනගැනුමට පරීක්ෂණ කරන මේ එකදු ආයතනයක් වත් සඳහන් කිරීමට අසමත් වීම... කෙටියෙන් සඳහන් කරන්නේ නම් "දියවන්නාව පට්ටියේ බලයේ ඉන්න අය මෙන්ම තුන්ලෝකෙටම අඩුපාඩු ගැන ලවක් දෙවක් නැතිව තප්පුලන විපක්ෂ පට්ටියේ හරකුන්වත්" මේ සමාගම් වල වතගොත ඉදිරිපත් කිරීමට "බියවීම". ඇහුවොත් නම් අපි විපක්ෂේ හරකුන් මොන යකාටවත් බිය නොවෙනවා යයි කෑ මොර දෙන්නේ නමුත් මේ කාටවත් මේ තමන්ගේම රටේ පුරවැසියන්ට අහිතකර වසවිස මෙරටට ගෙන්වූ "අයගේ" කිසිදු නමක් ගමක් මාධ්‍යයට කීමට බියවීම පිළිබඳව. මාධ්‍යයන්ද තමන්ගේ වටිනා වගකීම් මෙන්ම මෙලොවදීම පිං රැස්කර ගැනුමට ඇති අවස්ථාවන් හිතාමතාම මග හැරීම පිළිබඳව අප හදවතින්ම කණගාටු වන්නෙමු.