(ජී . ඩබ්ලිව්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා විශේෂඥ වෛද්යවරයකු නොමැතිවීම හේතුවෙන් එම රෝගීන් අදාළ පරීක්ෂණ සඳහා කොළඹ රිජ්වේ ළමා රෝහල වෙත මාරු කර යවන බව වාර්තා වී තිබේ.
මෙම තත්ත්වය හේතුවෙන් මෙම පරීක්ෂණ නියමිත වෙලාවට නොකිරීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත අවදානමකට ලක්ව ඇතැයි ද පැවසේ.එමෙන්ම මෙම කටයුත්ත සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවන බව ද කියැවේ.
මේ සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ උසස් නිලධාරියෙකුගෙන් විමසූවිට පවසා සිටියේ ළමා හෘද කැතීටකරණය ඒකකයේ සිටි වෛද්‍යවරුන් දෙදෙනාගෙන් එක් වෛද්‍යවරයකු රට හැරදා විදේශගතව ගිය බවත් අනෙක් වෛද්‍යවරයා මේ වන විට පුහුණුව සඳහා පිටත්ව ගොස් ඇති බවයි.
රෝගීන් ගේ දෙමාපියන් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම තත්ත්වය මැඩ පැවැත්වීම සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා හෘද කැතීට කරන ඒකකය සඳහා වෛද්‍යවරයකු පත් කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාලකයිනි දැන්වත් ලංකාවේ පුද්ගලික වයිදය විද්‍යාල ඇති කරන්න ,ලංකාවේ ඉන්න දොස්තරලා ප්‍රමාණය තව අවුරුදු 5 යනකොට ඉතා අඩු මට්ටමකින් වැටිලා.බෙහෙත් ගන්න අර පෙට්‍රල් පෝලිම් වගේ ඒවා ඇතිවේවි
අර ඉන්න කෙහෙලියට හරි සේමසින්හට හරි බන්දුලයට හරි කීවානම් කරන්න ඕන දේ කියලා දදේවි
අවුලක් නැහැ කොළඹත් නැති උනොත් මවුන්ට් එලිසබෙත් යන්න පුළුවන් වෙයි 2048 වෙනතුරු ජීවත්වෙලා හිටියොත්.
මේක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. දැවෙන ප්‍රශ්නවලට විසඳුම් හැටියට ඉන්දීය ණය පහසුකම යටතේ පොලිසියට ගේන්න සැලසුම් කරපු ජීප් 750 වෙනුවට ප්‍රහාරක ජල බවුසර ගේන්න යනවලු... පේනවනේ රනිල්ගේ මොලේ. රජා පිස්සු වුණත් එකයි, පිස්සෙක් රජ වුණත් එකයි කියලා කියමනක් නම් තියෙනවා..
පිටරට විශේෂඥ වෛද්‍යවරු ලංකාවට ගෙන්වන්නේ නැතිව මේ රටේ පාලකයෝ පොල් ගානවද...? ඔය උඩ දාගෙන පිටරට පැනපු ලංකාවේ දොස්තරලට ඒ රටවල් වල ටැක්ස් නොගෙවා වැඩ කරන්න පුළුවන් කියලද ඔවුන් හිතාගෙන ඉන්නේ...? ලංකාවේ වගේ වාහන පර්මිට් දීලා වාහනයේ ඉදිරිපස වීදුරුවේ ලොකුවට බැජ් එකක් ගහන්න දෙනවා කියලද හිතාගෙන ඉන්නේ...? ටයි කරපටිය පැළඳගෙන රෝගීන් පරික්ෂා කරන්න පුළුවන් කියලද හිතාගෙන ඉන්නේ..? පැය දෙකක් උදේට වාට්ටු පරීක්ෂා කරලා, රෝහලෙන් එලියට පැනලා ප්‍රයිවට් ප්‍රක්ටිස් කරලා, රජයට ටැක්ස් නොගෙවා මුදල් ටික සාක්කුවට දාගන්න පුළුවන් කියලද ලංකාවේ දොස්තරලා හිතාගෙන ඉන්නේ..? මට නම් හිතෙන්නේ කල පව් ගෙවන්න දොස්තරලට කාලය ඇවිදින්... කරුණාකරලා මොවුන්ව සේවයෙන් පහකරලා පිටරටවලින් වෛද්‍යවරු මේ රටට ගෙන්වන්න..
ඔවු ඔවු පිටරට ඩොක්ටස්ල කංකාවට එන්න බලාගෙන ඉන්නවා..
දේශපාලකයින්ට මේ වගේ වගක් නැහැ. මොකද ඒ අය හෙම්බිරිස්සාවටත් යන්නේ මවුන්ට් එළිසබෙත්නේ. මෙවැනි අවස්ථාවකදී පිටරටවලින් උපකාර ඉල්වා සිටිය යුතුයි. බොහෝවිට මෙවැනි අවස්ථාවලදී බටහිර රටවල වෛද්‍යවරු ස්වේච්ඡාවෙන් මෙවැනි රටවල සේවය කරයි. ඔවුන්ගේ ආකල්ප අපේ වෛද්‍යවරුන්ගේ ආකල්ප වලට වඩා හුඟක් වෙනස්.
ජනතාව ගැන කිසිම තැකීමක් නැති, රට ගැන කැක්කුමක් නැති දූෂිත දේශපාලුවන් රජකරන, නූපන් දරුවන් පවා ලෝකෙට ණය කාරයින් කරපු, ලෝකේ වටේ හිඟමන් අදින රටකට කවුරුවත් එන එකක් නැහැ...
ගෙවන බඩුවලට හරියට සාධාරණයක් වෙන්න නම් මිනිස්සු බදු ගෙවයි... ලංකාවේ තත්වය එහෙම නෙවෙයිනේ... තාත්තා බලයට එනවා. පවුලේ ඔක්කොම එකතු වෙලා ජනතාවගේ බදුමුදල් අවභාවිතා කරනවා. එහෙම වෙනකොටත් බදු ගෙවන්න හිතෙනවා නම් මොලේ පරීක්ෂා කරගන්න වෙනවා.
මෙතන තියෙන කමෙන්ට්ස් බොහෝමයක් එකම දේ කියන්නේ... ලංකාවට දොස්තරලා එයිද පිටරටින්...? මෝඩ කතා කියන්න එපා.. ලක්ෂ 50ක් විතර පිටරට හම්බවෙන වෙලාවක, ලක්ෂ 02කට මෙහෙට එන්නේ කවුද?
ගම්වල දිළිඳු පවුල්වල ඉපදිලා සමාජ වෛරයත් සමග අධ්‍යාපනය හදාරා, දොස්තර වුණාට පස්සේ තමන්ගේ ලොකුව සමාජයට පෙන්වන්න උත්සාහ කරන ලංකාවේ දොස්තරලා හා වෙන්ඩ දොස්තරලා ගැන අපි නොදන්නවා කියලාද හිතන්නේ...? ගමේ හෝ නගරයේ වැදගත් පවුල්වල ඉපදිලා වෛද්‍යවරු වුණු අයගේ හා ඔවුන් අතර වෙනස අපි දකිනවා... ඇත්ත පිළිගන්න අකැමැති අම්බරුවන් හිතන්නේ ඔවුන් හැර අන් සියලු දෙනාම නූගත්තු කියලා... ලංකාවේ රෝගීන්ට පෙන්වන ලොකුකම් පිටරටවල නම් පෙන්වන්න ලැබෙන එකක් නැහැ... දොස්තර මහත්තයෝ... දැන් මේ රටේ දොස්තරලාට විතරද ප්‍රශ්න තියෙන්නේ...? මේ රට බංකොලොත් කළ, හොර තක්කඩි පාලකයින්ව බලයට ගේන්න මේ අමන දොස්තරලා මොනතරම් දායකත්වයක් ලබා දුන්නාද..? මතකද, පහුගිය කාලේ දඟලපු දැඟලිල්ල...? අන්න ඒවල ප්‍රතිඵල තමයි දැන් මේ භුක්ති විඳිමින් ඉන්නේ... මොනවා, කිව්වත් පිටරට වෛද්‍යවරු ලංකාවට ගෙනෙයි කියලා පුදුම භීතිකාවක් තියෙන්නේ... අපිට මතකයිනේ කරාපිටිය රෝහලේ සේවය කළ සුදු ජාතික වෛද්‍යවරයෙකුව පන්න ගත්තු හැටි...