(යොහාන් භාසුර සහ ඉන්දිකා රාමනායක)

බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රදවා සිටින විශේෂ ගණයේ රැදවියන් නවදෙනෙක් අද (16) නවම් පෝය දිනය වෙනුවෙන් දසසිල් සමාදන් වූ බව බන්ධනාගර මාධ්‍ය ප්‍රාකශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්තාපන) චන්දන ඒකනායක මහතා පැවසීය.

මෙම රැඳවියන් නවදෙනා මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් බන්ධනාගාරත වූවන් බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුනරුත්ථාපන ක්‍රියාවලියේ තවත් පියවරක් ලෙස මෙම සිල්සමාදවීමේ වැඩසටහන ක්‍රියාත්මක කළ බවත් චන්දන ඒකනායක මහතා කීය.

මෙම රැඳවියන් අතර ශ්‍රී ලංකාවේ නමගිය මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරිකයන් සිටින බවත් බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.