(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලයේ විශේෂ රැස්වීමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සවස 6 ට පැවැත්වේ .
පාර්ලිමේන්තුවේදී හෙට (19) විවාදයට ගැනෙන වරාය නගර විශේෂ ආර්ථික කලාප පනත් කෙටුම්පත සඳහා ඉදිරිපත් කිරීමට යෝජිත සංශෝධන අනුමත කර ගැනීමට මෙම විශේෂ කැබිනට් රැස්වීම ජනාධිපතිවරයා විසින් කැඳවනු ලැබ ඇතැයි වාර්තා වේ .
වරාය නගර පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද සංශෝධන කැබිනට් මණ්ඩලයේදී අනුමත කර ගන්නා බව රජය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි .
ඒ අනුව එම යෝජිත සංශෝධන අනුමත කර ගැනීම සඳහා කැබිනට් මණ්ඩලය අද පස්වරුවේ රැස් වනු ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd