
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෝටර් වාහනවලට අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංක වෙන් කිරීමේන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව වසර හතරක කාලයේදී රුපියල් කෝටි 118ක ආදායමක් උපයාගෙන ඇති බව එහි නිලධාරිහු රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම් දුන්හ.
මේ අනුව පසුගිය 2023 වසරේදී වාහන 11 ක්ද 2024 වසරේදී වාහන 46ක්ද 2025 වසරේදී වාහන 692ක්ද මේ වසරේදී වාහන 436ක්ද එලෙස අංක ලක්ෂයක් ඉදිරියෙන් වන විශේෂ අංක ලබාගෙන ඇත.
මෝටර් වාහන සඳහා නිකුත් කරන අංකවලින් අංක ලක්ෂයක් ඉදිරියෙන් අැති විශේෂ අංකයක් වෙන් කිරීමේදී එක් අංකයක් සඳහා රුපියල් දශ ලක්ෂයක ගාස්තුවක් අය කිරීමට මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව නිල වශයෙන් අවසර දුන්නේය
වසර තුනක පමණ කාලයක් මෙම මුදල් අය කරගෙන ඇත්තේ ගැසට් නිවේදනයක් නොමැතිව බවද මෙහිදී තොරතුරු අනාවරණය විය.
මේ අනුව මෝටර් සයිකල්, මෝටර් ට්රයිසිකල් සහ මෝටර් ට්රයිසිකල් වෑන් රථ හැර වෙනත් සියලුම මෝටර් වාහනවලට මේ අනුව මුදල් ගෙවා විශේෂ අංක ගැනීමට අවසර හිමි වනු ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd