(ඩයනා උදයංගනී)
උසස්පෙළ විභාගයට පසුගිය වසරේ පෙනී සිටි සිසුන්ගෙන් විශ්වවිද්‍යාවලට ඇතුළත් කර ගැනීමේ අයදුම්පත් බාරගැනීම අනිද්දා (21) සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පවසයි.
අයදුම්පත් යොමු කිරීම අන්තර්ජාලය ඔස්සේ ජුනි මස 11 වැනිදා රාත්‍රී 12 තෙක් කළ හැකි බව මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කරයි.
විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ශිෂ්‍ය අත්පොත ද එදිනම නිකුත් කරන බව කී සභාපතිවරයා සියලුම විශ්ව විද්‍යාලවලින්, ප්‍රසිද්ධ පොත් ප්‍රකාශකයන්ගෙන්, පොත් අලෙවිසැල් වලින් ලබාගැනීමට මෙන්ම විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් භාගත කරගැනීමට ද හැකි බව කියයි.
මහාචාර්ය සම්පත් අමතුංග මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අයදුම්පත් [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමුකළ යුතු බවද හෙතෙම සඳහන් කළේය.
එමෙන්ම පිරවූ පෝරමයේ පිටපතක් ලියාපදිංචි තැපෑලෙන් ද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට එවිය යුතු බවද මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
මෙවර දරුවන් 41,755 දෙනෙක් විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි සිටින පෙදෙස වසා ඇති බැවින් පොත මිලදී ගැනීම සහ තැපැල් කිරීමට නොහැක.. උපදේශයක් දෙන්න..
විශ්ව විද්‍යාල ප්‍රවේශයට අයදුම් කිරීම විද්‍යුත් තැපෑලට ඊ අයදුම්පතක් යොමු කිරීමෙන් කළ හැකි ලෙස සකස්කිරීම හොඳ දෙයක්. ඒත් ඇයි එහි පිටපතක් නැවත ලියාපදිංචි තැපෑලෙනුත් එවන්න කියන්නේ. විය යුත්තේ එම අයදුම්පත ඔන්ලයින් අයැදුම් පතක් ලෙස යොමුකිරීමට පහසුකම් සැලසීම නොවේද? එමගින් මෙම කාර්ය වඩාත් කාර්යක්ෂමව සිදුකිරීමට හැකියාව ලැබේ. ඒ ගැන සිතා බලන්න.