(රන්ජන් කසිතුරි)
පාසල් සහ පෙර පාසල් විවෘතව තැබිය හැකි අතර විශ්ව විද්‍යාල සහ උපකාරක පන්ති පැවැත්වීම තහනම් බව රාජ්‍ය ඇමැතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහතිමිය කීවාය.
කෙසේ වෙතත් පාසල් හා පෙරපාසල්වලට ඇතුළු කර ගත හැක්කේ ධාරිතාවයෙන් සියයට 50ක් බව ද ඇමතිනිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපූරු නුවණ... බෝවෙන්නේ විශ්ව විද්‍යාලවලින් හා උපකාරක පන්ති වලින් විතරද? ඇයි පාසල් හා පෙර පාසල්වලින් බෝනොවෙන බවට දියහැකි සහතිකය කුමක්ද?
නුවරඑළියේ වසන්ත සැණකෙළි තියද්දි බෝ නොවෙන කොරෝනා පාසල් සහ විශ්වවිද්‍යාල පැවත්වීමෙන් බෝ වෙනබව සොයා ගත් හිට්ලර් ඇතුළු වීරෝදාර නායකයින්ට අපගේ උපහාරය...
කොරෝනා අරමුදල කියලා බිලියන ගාණක් එකතු කරගත්තා. හරියට එන්නත් ටිකවත් ඇණවුම් කරන්න බැරිවුණා මේ රජයට.. අසරණ මිනිස්සු මැරෙනවා. අපරාදේ...
අපේ රටේ අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම ලේකම්ද මහාචාර්යවරුන්ය. මේ මහාචාර්යවරුන්ගේ සිඟිති මොලයට නොතේරෙන දෙයක් සඳහන් කරමි. පාසල් දරුවන් පාසැල් පැමිණියද බහුතරයක් පොදු ප්‍රවාහන මාධ්‍යයන් භාවිතා කරති. එසේනම් පාසල් පැමිණෙන දරුවන් දැඩි අවදානමක් දැරිය යුතුයි. කොරෝනා පැතිරෙන්නේ ටියුෂන් සහ විශ්ව විද්‍යාල වලින් පමණක් නම් ඔබේ සිඟිති මොලයෙන් ගත් තීරණය නිවැරදි වනු ඇත. එහෙත් එහෙම නොවන බව ඔබගේ හැඳි මිටේ නුවණට නොවැටහෙන කළ අපේ අසරණ දරුවන් කුමක් කරන්නද? කමක් නැහැ පාර්ලිමේන්තුව නියෝජනය කරන ඔබලා මුලින්ම කොරෝනා එන්නත ලබා ඇත. ලේකම් මහාචාර්යතුමාද ලබාගෙන ඇතුවා වන්නට ඇත.. එසේ නම් හොඳටම ප්‍රමාණවත්ය... අපේ දරුවන්ට මොනවා වුණත් කම් නැත. ඔබලා හොඳින් සිටින්න. කොරෝනා පැතිරෙන තුරු පාසැල් පවත්වාගෙනම යන්න. අශ්වයා පැන ගියාට පසු ඉස්තාලය වසා දමමු..
උපකාරක පන්ති පැවැත්වීම සඳහා අවසර ලබාදීම මගින් දරුවන් විශ්ව විද්‍යාල වලට සමත් විය හැක. එබැවින් දස දෙනා බැගින් හෝ කැඳවා පන්ති පැවැත්වීම සඳහා අවසර ලබාදීම අහිතකරය. විශ්ව විද්‍යාල පැවැත්වීම සඳහා අවසර ලබාදීම මගින් දරුවන්ගේ අනාගතයට වඩා පාලකයන්ගේ අනාගතයට භයානකයි. එබැවින් මෙම පියවර ගන්නා බව පෙනේ..
අමතර පන්තිවලට වඩා ළමයි එනවා නේද ඉස්කෝලවලට? 50% ක් කැඳවනවාට වඩා සාර්ථකයි සියලු දෙනාටම සති 02ක් වසා තැබීම...
රජය ඔක්කෝටම කලින් පෞද්ගලික පංති වහන්න කියනවා. අපි ට කන්න බොන්න රජය දෙනවද? කරන්න පුලුවන් ඔක්කෝම අනවශ්‍ය වැඩ කරලා සුදනා වෙලා, අපි උගත් දෙයක් කියලාදීලා උපයන තුට්ටු දෙකට තට්ටු කරන්න තමයි බලන් ඉන්නේ. පාසල්, පෙර පාසල් අරින්න පුලුවන් නම් ටියුෂන් පන්තිත් කුඩා ප්‍රමාණයෙන් කරගෙන යන්න බැරි මොකද? රජයෙන් පිං පඩි ගන්න සමහරක් නිසා දරුවන්ටත්, දෙමාපියන්ටත් කරගන්න දෙයක් නැතුව ඉන්නේ. ඒ මිනිස්සු අපි පංති නැවැත්තුවත් ගෙදරට හරි එන්නද කියලා අහන්නේ තමන්ගේ දරුවගේ අනාගතේ ගැන ඇති බය නිසා. රාජ්‍ය ලොක්කන්ට ඕක තේරෙන්නේ නෑනේ. එයාලගේ ළමයි පිටරටවල නේ ඉගෙන ගන්නේ. එහෙම නැතත් ළමයි ගැන මොන මගුලක් තේරෙන්නේත් නෑනේ. පාර්ලිමේන්තුවට ගිහින් නිකන් කාලය නාස්ති කරලා එනවා. එච්චරයි දන්නේ. දැන් අවුරුදු එකහමාරක් තිස්සේ හිස් පංති ගොඩනැගිල්ලට මාසික කුලී ගෙවනවා. මහා පරිමාණ පංති ගැන නෙවෙයි මේ කතා කරන්නේ. දවසට ළමයි 10 කට විතර උගන්වන පංති ගැනයි. අපි සූම් කරත් සමහර ළමයින්ට ඒක සාර්ථක නෑ. අමාරුවෙන් ගොඩගත්ත ළමයි හුඟක් දැන් පරණ තත්වයට ඇවිත්. ළමයිගේ වගේම ගුරුවරයාගේ මහන්සිය රජය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නෑ. මොකද එයාලට අනාගතේ ගැන වැඩක් ඇත්තේම නෑ. බොරුවට පාරම් බබා ගම් වටේ යන එක විතරයි කරන්නේ.
මිනිස්සුන්ගේ ජීවන උපාය මාර්ග වහන්න නීතියට බෑ. එහෙම කරනවා නම් හැම කෙනෙකුටම කළින් ලැබුණු මුදල් ගෙවන්න ඕනේ. කොරෝනා කියන්නේ බිස්නස් එකක්. කොමිස් අරන් රට බිල්ලට දෙනවා. කොරෝනා කියන්නේ කළින් තිබුණු උණ, හෙම්බිරිස්සාව, කැස්ස...