
(ප්‍රියන්ත දසනායක සහ එස්.ඩී.කොඩිකාර )
ශ්‍රී ලංකාවේ විශාලතම ජල මූලාශ්‍රය ගාල්ල දෙනියාය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිටබැද්දර පොලිස් ස්ථානය ආසන්නයෙන් සොයා ගැනීමට හැකිවූ බව ජාතික ජලසම්පත් හා ජලාප්‍රවාහන මණ්ඩලයේ දකුණු පළාත භාර භූ විද්‍යාඥ ඉන්ද්‍රජිත් ගමගේ මහතා කියයි.
නළ ලිදක් කැනීමේදී විනාඩියකට ලීටර් 10000ක් අඛණ්ඩව ලබා ගැනීමට හැකි අයුරින් නිෂ්පාදනය වන ජල මූලාශ්‍රයක් සොයා ගත් පළමු අවස්ථාව මෙය බව පෙන්වා දෙන ඉන්ද්‍රජිත් මහතා මීට පෙර මඩු ස්ථානායෙ තිබූ වාර්තාව බිද දැමූ බවත් පවසනවා.
පාෂාණ ස්ථර පිළිබඳව විමර්ශන කොට ස්ථර පැලුම් ස්ථාන හරහා භූගත ජලය ඇති ස්ථාන තාක්ෂණික මෙවලම් හරහා හදුනාගෙන කැනීම් කොට භූගත ජලය
සොයා ගන්නා බවත් කියති. මෙම ජල මූලාශ්‍රයෙන් ලබා ගන්නා ජලය පිටබැද්දර මොරවක හා කොටපොළ අවට තදාසන්න ප්‍රදේශයන්හි ජය හිගයෙන් පෙළෙන පාරිභෝගිකයෝ වෙත බෙදා හැරීමට ඉදිරියේදී කටයුතු කරන බවත් කීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd