
(*** සුජිත් හේවාජුලිගේ)
මෙරටේ විවාහ විය හැකි වයස අවුරුදු 18 දක්වා වැඩි කරන්නැයි යෝජනා කෙරෙන පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් මාතලේ දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාට පාර්ලිමේන්තුවේදී ඊයේ (26) බාරදෙනු ලැබීය.
පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරන අන්දමට නවවැනි පාර්ලිමේන්තුව පිහිටුවීමෙන් පසුව ඊට ඉදිරිපත් කෙරුණු පළමු මන්ත්‍රී පනත් කෙටුම්පත මෙයයි.
මෙරටේ විවාහ රෙජිස්ට්‍රාර් නීතිය ද වෙනස් කරන්නැයි එම පනත් කෙටුම්පත වැඩිදුරටත් යෝජනා කර තිබෙන බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ පනත් කෙටුම්පත මැති සබයේදී නුදුරු දිනෙක විවාදයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුළු ජාතීන්, මහ ජාතීන් ඇතුළු සියලුදෙනාටම පොදු එකම නීතියක් ගෙන එන්න.. යුරෝපය, ඇමෙරිකාව, ජපානය ඇතුළු ලෝකයේ දියුණු රටවල, එක එක ජනකොටස් වලට වෙන වෙන නීති නැහැ.
විවාහ නීතිය ගැන සලකා බැලිය යුත්තේ 18 පාසල් අවසාන වුණ විගස කසාද කරගැනීමෙන් රැකියා වියුක්තියට වෙන්නේ මොකක්ද? දැන් අවුරුද් 12-15 ළමයින්ටත් දරුවන් ලැබෙන කාලයක අපි ජීවත් වෙන්නේ... එහෙමනම් මුස්ලිම් විවාහ නීතිය ගැන මොර දෙන අය මේකට මොකක්ද කියන්නේ? එක රටක්.. එක නීතියක්..
මෙයා ජාති, ආගම් අනුව වෙනස් නොවන රටටම පොදු එක නීතියක් විය යුතුයි. මොකද දැනටමත් සිංහල අය බහුතරයක් විවාහ වෙන්නේ 18න් පසුව තමයි.
දැන් ඔක්කොම ප්‍රශ්න අමතක කරලා දෙපැත්තට බෙදිලා වැඩ කරමු...
දවසකට පැය 8 වැඩමුරය.., අවුරුදු 18 අඩු කෙනෙකු බාලවයස්කරුවකු ලෙස සැලකීම වැනි දේවල් ලෝකයේ රටවල් වලින් 95%ක් පමණ පිළිගන්න. එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගත් නීති වේ. 18ට අඩු බාලවයස්කාර විවාහ අනුමත කළ නොහැක.