
(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල පන්නම්පිටිය මැණික්දෙන පදිංචිව සිටි මව පියා අහිමි 16 හැවිරිදි දැරියක 26 හැවිරිදි තරුණයකු තියුණු ආයුධ වලින් කපා කොටා බරපතළ තුවාල සිදු කර පළාගොස් ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
සිය මිත්තණිය සමග ජීවත්වූ මෙම දැරිය නිවස තුළදී මෙම ප්‍රහාරයට ලක්ව ඇති අතර මේ වන විට දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
තුවාල ලැබූ දැරියට ඇයට පැය දහයක සැත්කමක් සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
දැරියට පහරදුන් බව කියන තරුණයා මාතලේ මහවෙල ප්‍රදේශයේ පදිංචි කරුවකු බවත් ඔහු බදුල්ල ප්‍රදේශයේ මාර්ග සංවර්ධන කටයුතුවල නිරතවන බවත් පොලීසිය කියයි.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා ඇති බවත් එම ප්‍රදේශයේ ඥාති නිවසක සැඟවී සිටින බවට ලද තොරතුරුකට පොලිසිය එම විමර්ශනය ආරම්භ කළ බවත් පොලිසිය පවසයි.
මෙම දැරිය පදිංචිව සිටින ප්‍රදේශයේ නිවසකට පැවැති උත්සවයකට ගිය අවස්ථාවක එම නිවැසියන් මෙම දැරියට තරුණයා විවාහ කරදීම සඳහා යෝජනා කළ බවත් දැරිය එය ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම පහර දීම සිදු කර ඇති බවට ඇගේ මිත්තණිය මහත්මිය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දැරියට මංගල යෝජනාව ගෙනපු ගෙදර උන්ටත් දැඩි දඩුවම් දෙන්න ඕනි
අම්මත් නැති මේ ළමය කොච්චර කාලයක් දුක් විදියිද මේ තුවාලත් එක්ක - යොජනාව ගෙනාපු උන්ට දැඩි දඩුයම් දෙන්න ඔන
නීති සංගම් මේ ළමය වෙනුවෙන් පෙනී ඉන්න ඔන - යොජනාව ගෙනාපු උන්ව හම ගහන්න ඔන
ඥාති නිවසක සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය කරගෙන තියෙනවානම් ඒ අයවත් අත් අඩංගුවට ගන්න - බරපතල වරදක්
පොඩි ළමයෙක්නෙ.. මොළයක් නැද්ද මේ මිනිස්සුන්ට...
මේ නරුමයා අල්ලා නිසි දඬුවම් දිය යුතුයි.
කැලෑ නිතිය වඩාත් සුදුසු යන්න අපගේ අදහසයි.