
(යොහාන් භාසුර)
වැවිලි බෝග සහ ආයුර්වේද ඖෂධ සඳහා භාවිතා කරන ශ්‍රී ලංකාවේ වගා නිෂ්පාදනවලට අගය එකතු කර යුරෝපයට අපනයනය කිරීමට අවශ්‍ය නවීණ තාක්ෂණයෙන් යුක්ත කර්මාන්ත ශාලාවක් ජනවාරි මාසයේදී විවෘත කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.
මෙම කර්මාන්ත ශාලාව විවෘත කිරීමත් සමගම මෙතෙක් සාම්ප්‍රදායිකව අපනයනය කළ සියලු කුළුබඩුවලට ගුණාත්මක තත්ත්වයෙන් අගය එකතු කර ශාකසාර ඇසුරින් ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කිරීමට ඇතුළු විශාල නිෂ්පාදන පරාසයකට අවශ්‍ය නවීණතම තාක්ෂණය ලැබෙන බව කී කර්මාන්ත අමාත්‍යවරයා ගොවීන් ලක්ෂ 10 කගේ පමණ නිෂ්පාදන, අගය එකතු කර දේශීය හා විදේශීය වෙළඳපොළට සැපයීමට මෙමගින් හැකියාව ලැබෙන බවත් සඳහන් කළේය.
මෙම කර්මාන්ත ශාලාවේ ඉදිකිරීම් හා යන්ත්‍ර සූත්‍ර සඳහා වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පෞද්ගලික සමාගම රුපියල් කෝටි 300 ක් පමණ ආයෝජනය කර ඇතැයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා වර්ල්ඩ් වයිඩ් කොමොඩිටීස් පුද්ගලික සමාගමේ පන්නිපිටිය, රුක්මලේ පිහිටි අගය එකතු කළ කුළුබඩු ඇතුළු නිෂ්පාදන රැසක් අපනයනය කරන කර්මාන්ත ශාලාව නීරික්‍ෂණය කිරීමෙන් පසු එසේ පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහ්... මෙන්න මෙයා... කෝ අර කුරහන් පාට කමිස එහෙම.? දැන් ලා නිල් වෙලාද හදිස්සියේම.?
හරියට එකතුවෙලා වැඩ කරා නම් මෙලහකටත් කොවිඩ් වලිනුත් ප්‍රයෝජනයක් ගන්න අපේ රටට තිබුන. කොවිඩ් වල බහුතර සංකුලතා ,සිංහල වෙදකමෙන් නිවාරණය කරනවා. ඒ ගැන රටක් විදියට දොස්තරලයි ,සිංහල වෙදුණුයි ලයි එකතු වෙලා ලොකු දෙයක් කරන්න තිබුණු අවස්තාව නැතිකරගත්තා. ඒකට මුලික අඩිතාලම දාන්න තිබුනේ පාර්ලිමේන්තුවට ,ඒකාබද්දව ,ව්‍යසනයකදී වැඩ කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක්, දේශපාලනයක් රටේ නැතිකමින් ලොකු හානියක් වුණා
අවංක උත්සාහයක් බව පෙනෙනවා. අගය කරනවා.
කර්මාන්ත ශාලා ඇති කිරීමට සමගාමීව ආයුර්වේද ඔසු වගාවන් කිරීමට දිරි ගැන්වීම කලයුතුය .මෙයට කලකට පෙර මොනරාගල මන්ත්‍රීවරියක්ද පසුගිය සතියේ ඩයනා ගමගේ මන්ත්‍රීවරියද ඊයේ උද්දික මන්ත්‍රීද කංසා හෙවත් ගංජා ගැන කතා කලා එම වගාව ඉංග්‍රීසීන් තහනම් කලේ සිංහලයින්ට දඩුවමක් හැටියටයි .එනිසා දැන්වත් එම තහනම ඉවත් කරල බලපත්‍ර ක්‍රමයක් යටතේ වගාවට අවසර දිම සුදුසුයී වලේ වැටුණු එකා වලකටින්ම ගොඩ ආයුතුය. ඒ අතර දිගුකාලීනව වල්ලා ගස් වගාවටත් මුල් කාලයේ තේ වගාවට අවසර දුන් ආකාරයට අවසර දී වගාවට දිරිගැන්වීම කිරීම අනාගත ආයෝජනයකි