
(සිතුම් චතුරංග)
වවුනියාව, නෙඩුන්කේනි, සේනපිලව් ප්‍රදේශයේ නිවසක් තුල තිබී ටී.එන්.ටී. පුද්ගල නාශක බිම්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයකු අද (17) දහවල් සැකපිට අත්අඩංගුවට ගත් බව වවුනියාව නෙදුන්කේනි පොලිසිය කියයි.
පුපුරණ ද්‍රව්‍ය රැස්කරන පුද්ගලයකු සම්බන්ධයෙන් නෙදුන්කේනි පොලිසිය වෙත ලැබුණ තොරතුරක් මත සිදුකළ වැටලීමකදී පුපුරණ ද්‍රව්‍ය තොගය සොයාගත් බව පැවසීය.
නිවසතුල තිබී ටි.එන්.ටි. වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ 21 යි ග්‍රෑම් 635 ක්, පි.ඊ. 01 වර්ගයේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 610 ක් හා පුද්ගල නාශක බිම් බෝම්බ 148 ක්ද නිවස සෝදිසි කිරීමේදී හමුවූ බව පොලිසිය සඳහන් කළේය.
හමුවූ පුද්ගල නාශක බිම් බෝම්බ වලින් 22 ක් සක්‍රීය තත්වයේ පැවති බවද පොලිසිය පැවසීය.
සැකකරු දීර්ඝ කාලයක සිට රාජ්‍ය නොවන ආයතනයක බෝම්බ නිශ්ක්‍රීය ක්‍රියාකරුවකු ලෙස සේවය කොට ඇති බවත්, එහිදී හමුවන බිම් බෝම්බ හා පුපුරණ ද්‍රව්‍ය එලෙස රැස්කොට ඇති බවත් පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සැකකරු හිටපු එල්.ටි.ටි.ඊ. සාමාජිකයකුද යන්න සොයාබැලීම සඳහා විමර්ශන ආරම්භ කොට ඇති බවත් පුපුරණ ද්‍රව්‍ය රැස්කලේ කුමණ අරමුණක් සඳහාද යන්න පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය නොවූ බවත්ය.
සැකකරු ඔඩ්ඩුසුඩාන්, මන්නන්කණ්ඩාල්හි පදිංචි රත්නම් ප්‍රදීපන් නැමති වයස අවුරුදු 32 ක පුද්ගලයකු වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් නෙඩුන්කේනි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්ධයක් අවසන් වුණාම ඔවැනි දේ විසිකර දමනවා හෝ වලලා දමනවා. සෞදි අරාබි ඉරාක යුද්ධයේදී ඇමරිකාව සෞදියට ආරක්ෂාවට කල ස්ට්‍රොම් යුද්ධයේ අවසානයේ පාරවල් අයින් වල පතරොම් ඇතුළු ඇමරිකන් සොල්දාදුවෝ බලපු සඟරා පොදිගණන් දමා ගොස් තිබුණා..
කොටි නොවෙයි අපිට ප්‍රශ්නය කුරුඳු හොයාගෙන ආපු ගොයියන් නැගිටින එක. අපිට පමණක් නොවෙයි ලෝකෙටම තිබෙන ප්‍රශ්නය එ්කයි. අපි ඒ අයව වර්ජනය කරන්න පටන් ගත්තා. 1960 ගණන්වල හොරොව්පතානේ රජයේ කලෑවෙලා තිබුණු ඉඩම්වල පදිංචි වෙන්න ඔප්පු ලැබුනේ කාගෙන්ද? ඒ කාලේ ඉඩම් කච්චේරි වලට සහභාගි වුණු අය දන්නවා එක සුලු ජාතිකයෙකුට ඒ ප්‍රදේශයේ ඉඩම් නොලැබුණු බව. ඉඩම් ඉල්ලන්න සුලුජාතිකයින් හිටියේ නැහැ...