(සිතුම් චතුරංග)
වවුනියාව නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ගම්වාසීන් 26 දෙනෙකු කොවිඩ් 19 වෛරස ආසාදිතව හදුනාගත් බව වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
නොච්චිකුලම තෙළිඟු ගම්මානයේ ගම්වාසීන් 164 පමණ ජීවත්වන අතර ඔවුන්ගෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී ආසාදිත පිරිස හදුනාගෙන තිබේ.
වෛරසය ආසාදිතව තහවුරුවූ ගම්වාසීන් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීහු පැවසූහ.
ගම්වාසීන් එකිනෙකා සමඟ එක්ව සංචාරක දිවියක් ගත කරන බැවින්, ගම්මානයේ කොවිඩ් ව්‍යාප්තව ශිඝ්‍රයෙන් සිදුවන බැවින්, ආශ්‍රිතයින් සියලු දෙනා නිවෙස්තුළ නිරෝධායනයට හා නිරෝධායන මධ්‍යස්ථාන වෙතද යොමුකළ බවද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.
ගම්මානයේ ජනතාව ප්‍රදේශයෙන් බැහැරවීම වැලැක්වීම සඳහා පොලිස් හා සිවිල් ආරක්ෂක සෙබලුන් යොදවීමට පියවරගත් බවද වවුනියාව දකුණ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.