(ඉන්දිකා රාමනායක, පී ඒ ලතීෆ් සහ  නිමල් ජයරත්න)

මඩකලපුව කොක්අඩිචෝලේ ශාන්තිමලේ “මීනච්චිඔඩේ වැවේ” අද (13) සවස ඔරුවක් පෙරළීමෙන් සිදු අනතුරකින් උපකාරක පන්තිගුරුවරයකු සහ සිසුන් තිදෙනකු මියගොස් ඇති බව පොලිසිය කියයි.

සිසුන් තිදෙනා පදිමින් සිටි ඔරුවේ කොල්ලෑව කැඩී එය පෙරලී ගිලී යාම හේතුවෙන් ඔවුන් තිදෙනා බේරා ගැනීමට ගිය ගුරුවරුයා සහ සිසුන් තිදෙනා මෙලෙස දියේ ගිලි මියගොස් ඇති බවද පොලිසිය පවසයි.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ අම්බලන්තුරෙයි ප්‍රදේශයේ පදිංචි යෝගේෂ්වරම් කිවේදන් ( 27) (උපකාරන පන්ත)ි ගුරුවයා සහ එස් ධනුෂන් (16), ටී රහීදනන් (16) සහ පී විදුෂ් (16) නැමැති තිදෙනා බවත්, ඔවුන් සියලු දෙනාගේ මළ සිරුර අද පස්වරුවේ පොලිසිය හා ප්‍රදේශවාසීන් එක්ව සොයාගෙන ඇති

උපකාරක පන්තියක ගුරුවරුන් තිදෙනකු, සිසුවියන් හත් දෙනකු හා සිසුන් සිව්දෙනකු ඇතුලු 14 දෙනකු  ප්‍රදේශයේ විනෝදා චාරිකාවක නිරත වී ඇති බවත් මීනච්චිඔඩෙයි වැව ආසන්නයේ දී පිරිස දිවා ආහාරය ගෙන ගිමන් හරිමින් සිටින අතරතුර ඉහත සිසුන් තිදෙනකු ඒ ආසන්නයේ නවතා තිබු ඔරුවක ගැනී ඔරුව පදමින් සිට ඇති බවට තොරතුරු හෙළි වු බව පොලිසිය පවසයි.

ඡායාරූප නිමල් ජයරත්න