
(රෝෂන් තුෂාර)
බස්නාහිර උතුර විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීම් අතරතුරදී තුන්වෙනි මහලින් පැන බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන තිළිණ සම්පත් හෙවත් "වලස්කටා" වෛද්‍ය නිර්දේශයකින් තොරව රෝහලින් බැහැර නොකරන නියෝගයක් නිකුත් කරන්නැයි ඔහුගේ මව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට විශේෂ මෝෂමක් ගොනුකරමින් අද(15) ඉල්ලා සිටියාය.
දැනට විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු යැයි ප්‍රකට කෙහෙල්බද්දර පද්මේගේ මෙරට මත්ද්‍රව්‍ය හා අපරාධ ජාලය මෙහෙයවීම සිදුකළ බවට සැක කෙරෙන තිළිණ සම්පත් පසුගිය 05 වැනි දින පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසුව පෑලියගොඩ විශේෂ විමර්ශන ඒකකයේ රඳවා ප්‍රශ්න කිරීමට නියෝග කොට තිබිණි.
රඳවා ප්‍රශ්න කිරීම අතරතුරේදී පොලිසියෙන් මිදී තුන්වෙනි මහලේ ජනේලයකින් පැනීම හේතුවෙන් දෙපා වල හා අතක අස්ථිබිඳී කොළඹ ජාතික රෝහලේ ආරක්ෂාව මැද ප්‍රතිකාර ලබන සැකකරු වෙනුවෙන් මෙම ඉල්ලීම සිදු කළේය.
සැකකරුගේ මව වන දීපෂිකා චන්ද්‍රකාන්තී ඉදිරිපත් කළ මෙම මෝෂම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා ඉදිරියේ කැඳවීය.
මෝෂම වෙනුවෙන් නීතිඥ චමින්ද අතුකෝරල මහතා කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සැකකාර තිළිණ සම්පත් යන අයට ජීවිත අවදානමක් ඇති බැවින් මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවය.
නීතිඥ චමින්ද අතකෝරළ මහතා මෙසේද පැවසීය.
සම්පත් සැකකරු මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා.ඔහු සම්පූර්ණයෙන් සුවය ලබා නැහැ. එසේ නිසි සුවයක් නොලද සැකකරුව විමර්ශන සඳහා රෝහලින් බැහැරට ගෙන යාම සිදුකළහොත් එය ජීවිත අවදානම ට හේතු විය හැකියි.
විශේෂයෙන් මෙම කොට්ඨාසයේ රඳවා සිටි මෙවැනි සැකකරුවන් විමර්ශන සඳහා බැහැරට ගෙන ගොස් ජීවිත අවදානමට ලක්වූ අවස්ථා තිබෙනවා.බැහැරට ගෙනියනවා නම් උදේ කාලයේ රැගෙන යන ලෙසට නිර්දේශ කරන ලෙස ඉල්ලා සිටිනවා.රාත්‍රී කාලයේ බැහැරට ගෙන යෑම ජීවිතයට තර්ජනයක් වෙන්න පුළුවන්. එම නිසා විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාට මෙම නියෝග නිකුත් කරන ලෙස ඉල්ලා සිටිනවා.යයිද නීතිඥවරයා පැවසීය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා ආරක්ෂක ඇමතිවරයාගේ නියෝගය පරිදි රඳවා ප්‍රශ්න කරන සැකකරුවෙකුගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සොයා බැලීමට අධිකරණයට හැකි බව පෙන්වා දුන්නේය.
ඒහෙත් විමර්ශන සිදු කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව නියෝගයක් නිකුත් කිරීම ගැටළු සහගත බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා වෛද්‍ය නිර්දේශයකින් තොරව බැහැරට ගෙනයාම සම්බන්ධයෙන් සිදුකරන ඉල්ලීම ලබන සඳුදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සඳුදා වෙනකම් සෙනසුරාදා, ඉරිදා දවස් දෙකක් තියෙනවා. ඒ දවස් දෙකෙත් රෑ වෙනවා.
නියම අම්මලා. පුතා කුඩු විකුණලා රටේ ඉන්න තරුණ කොල්ලෝ ටික ඉවර කරනවා...
කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවමින්, රට පුරා කුඩු බෙදලා අම්මලා දහස් ගාණක් දුකට පත් වෙනකොට, දරු පවුල් දහස් ගාණක් පාරට වැටෙනකොට, "වලස් කටා"ගේ අම්මා කොහේද දන්නේ නැහැ හිටියේ? තමන්ගේ දරුවා රටට පිළිලයක් වෙනකොට ඔහුව නිසි මගට ගන්න බැරි අම්මා කෙනෙක්, පුතාට අනාගතයේ වෙන්න යන දේ ගැන මොකට කම්පා වෙනවාද? මේ වගේ කුඩුකාරයෝ වෙනුවෙන් පෙනී ඉන්න නීතීඥයිනුත් පව්කාරයෝ...
මගෙ දරුවෙක් මේ වාගේ මිනීමරු කුඩු කප්පිත්තෙක් වුණා නම්. මම හිර ගෙදරට යනකම් ඉන්නේ නැහැ. මුල් කාලේම අල්ලන්න උදව් කරනවා. පොලිසියට ගහන්නේ නැතිව දරුවාව යහ මර්ගයට අර්න් දෙන්න කියලා. දරුවා ඒ ඇහුවෙත් නැත්නම් දරුකම අයින්කරනවා. මොකටද ඔය වගේ කාලකන්නියෙක්. අම්මයි පුතයි. මොන සැප වින්දත් වැඩක් තියෙනවාද? අසරන දරු පවුල් විනාස කරනවා නම්.
කැඩුණු කකුල් දෙකට ප්‍රතිකාර කරන්නේ නැතිව ඉන්න තිබ්බේ... මේ වගේ කාලකණ්ණින්ට ජනතා මුදල් නාස්ති කරන්න ඕනේ නැහැ.