
(එච්.එස් ඒ.නන්දන සහ බුද්ධික කුමාරසිරි)
හංවැල්ල සිතාවක රාජධානියේ බලකොටුවක්ව පැවති වර්තමානයේ රජයේ තානායමේ ඓතිහාසික වටිනාකමකින් යුත් ගල් බංකුවක් මත හැත්තෑ හැවිරිදි පුද්ගලයකු ගිනි ඇවිලි මියගොස් සිටියදී සොයාගත් බව හංවැල්ල පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ නුගේගොඩ ශාලාව පාරේ පදිංචිව සිටි ගල්ගොඩගේ දයානන්ද නමැති හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකි.
මොහු ඊයේ සවස හංවැල්ල නගරයෙන් ත්‍රීවීල් රථයක නැගී තානායමට ගොස් එහි කාමරයක් කුලියට ගෙන එහි නැවතී සිටි ඇති අතර රාත්‍රියේ රට බීම බෝතලයක් සහ අවශ්‍ය ද්‍රව්‍ය ද සමග මෙම ගල් බංකුව මත සිට ඒවා පානය කරමින් සිටි බවට මෙතෙක් කළ පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.
මේස බංකු පවිත්‍ර කිරීමට පැමිණෙන අවස්ථාවේදී මොහු දැක තානායම් කළමනාකරුට දක්වා ඉන් අනතුරුව හංවැල්ල පොලිසියට දැනුම් දීම කර ඇත.
ඔහුගේ ඥාතීන් කිසිවකු පැමිණ නොසිටි අතර නුගේගොඩ කොට්ඨාසය අපරාධ දූෂණවිමර්ශන නිලධාරීන් පැමිණ පරීක්ෂණ කටයුතු ඇරම්භ කරන ලදි.
මෙම ගල් බංකුව වර්ෂ 1875 වසරේ වේල්ස් එඩ්වඩ් රජ කුමරු ලංකාවට පැමිණි අවස්ථාවක දී මෙම ඓතිහාසික වටිනාකමකින් යුත් සීතාවක රාජධානියේ බලකොටුව නැරඹීමට පැමිණි අවස්ථාවක ස්ථාපිත කරන ලද්දකි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියේ මත්වරුන්ටත් පිස්සු හැදෙනවා ඇති. හැම දාම මොකක් හරි විලභීතයක් නේ .
තවත් ඉතිහාස ගතවෙන සිද්ධියක්...
ගල්ගොඩගේ හින්දා ගල් බංකුව තෝරගන්න ඇති...