(නිමන්ති රණසිංහ)
වැලිගම දී අත්අඩංගුවට ගත් කිලෝග‍්‍රෑම් 220කට ආසන්න හෙරොයින් මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධ ජාවාරම මෙහෙය වූ ප‍්‍රධාන පුද්ගලයා වන්නේ ඩුබායි රාජ්‍යයේ වාසය කරන නදුන් චින්තක නොහොත් ‘‘හරක් කටා’’ නමැත්තා වන බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් 11 දෙනා ඊයේ (14* දිනයේ මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක කාලයක් රඳවා තබා ගනිමින් ප‍්‍රශ්න කිරීමට අවසර ලබාගෙන ඇති බව ද ඔහු සඳහන් කරයි.
මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය කරමින් තිබූ ප‍්‍රධාන ධීවර බෝට්ටුවේ ධීවරයින් අතරට පුද්ගලයින් යෙදවීම සහ ඒ සඳහා මුදල් යෙදවීම සිදුකළැයි කියන තවත් සැකකරුවන් දෙදෙනෙකු මෙම සිද්ධියට අදාළවම මාතර පොලීසිය විසින් කෝට්ටේගොඩ සහ දික්වැල්ල ප‍්‍රදේශවලදී අත්අඩංගුවට ගනු ලැබූ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය. එම පුද්ගලයින් දෙදෙනා සම්බන්ධයෙන් ද රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා ගනිමින් ප‍්‍රශ්න කිරීමට නියමිත බව ද ඔහු සදහන් කළේය.
ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ වෙරළ ආරක්ෂක බළකාය විසින් මීට දින දෙකකට පෙර මෙම මත්ද්‍රව්‍ය තොගය සමග සැකකරුවන් අත්අඩංගුවට ගත් අතර, පසුව සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදී තිබිණ. මේ වන විට මෙම පරීක්ෂණ සිදුවන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා නම් අඩු නැතිව රට ඇතුලට එනවනේ .මෙහෙම අල්ලලා ආපහු අර කට්ටියට දෙන එක තමයි ප්‍රශ්නේ
"අපි බලයට පත් වුණු හැටියේ කුඩු ප්‍රශ්නය සම්පූර්ණයෙන් නැති කරනවා" කියලයි මැතිවරණ වේදිකාවල අර වියතුන් කිව්වේ. එහෙම කියපු අයම කුඩු ගෙන්වනවා කියලා චෝදනා ලබපු මිනිස්සුත් එක්ක තමයි දැන් දීග කන්නේ... ඉතින් කොහොමද කුඩු ප්‍රශ්නය අවසන් කරන්නේ?