IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් වෙයි

(තරංග ගුණරත්න )

වැලිගම ප්‍රදේශයේ  අවුරුදු  10 දැරියක්   ලිංගික අපයෝජනයට ලක්කළැයි  වැලිගම පොලිසිය මගින්  සැකපිට අත්අඩංගුවට ගෙන තිබූ  තරුණයන් දෙදෙනෙකු නිදහස් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ ඥාතීන්  සහ ප්‍රදේශවාසීන් පිරිසක් අද (16 ) දින පෙරවරුවේ   වැලිගම පොලිසිය ඉදිරිපිට  විරෝධතාවයක නිරත වූහ.
උපකාරක පන්තියට යමින් සිටියදී  කිසියම් තරුණයන් හතර දෙනෙකු දැරිය පැහැරගෙන ගොස්  ලිංගික අපයෝජනයට  ලක් කොට ඇති බවද  එ පිළිබඳ   දින 14කට  පමණ  පසුව     වැලිගම පොලිසිය වෙත පැමිණිල්ලක්   ලැබී ඇති බව පොලිසිය කියයි.

එ අනුව  සිද්ධිය සම්බන්ධයෙන් වයස 20ක පමණ  එම ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු  පොලිසිය මගින් (15 ) පස්වරුවේදි  අත්අඩංගුවට ගෙන තිබේ

කෙසේ නමුත්    ඔවුන් නිදහස් කරන ලෙසත්  අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙසත්  ඉල්ලා මෙම පිරිස විරෝධතාවක නිරත වූහ.


 

 



අදහස් (5)

වැලිගම පොලීසිය ඉදිරිපිට උණුසුම් වෙයි

Bunny Preena Thursday, 16 February 2023 02:46 PM

DNA පරීක්ෂණයකීන් නියම සැකකරුවන් හඳුනාගන්ට පුළුවන්. ව්‍යෛද්‍ය විද්‍යාවට බොරු කල නොහැකියි

:       0       10

Chandanie Rupalatha Thursday, 16 February 2023 03:12 PM

වැඩේ කරන්න හොදයි දඩුවම් දීම තමයි වරද .නුඹලා ම සැකකරුවන් අල්ලාදුන්නා නම් ප්‍රශ්නය ඉවරයි මෙතන හිරිකිතම වැඩේ කියන්නෙ අවුරුදු දහයක් වයසේ කෙල්ල දූෂණය කලාම වැරදි කරුවන් බේරන්න කියන්නෙ ගෑනුම නිසා .ඇත්තටම මේ ගෑනු ගනිකාවියෝද කියලා හිතෙනවා නැත්නම් මෙහෙම අපරාධයක් කරපු නරුමයෝ බේරන්න කියාද

:       2       24

Rata Perata Thursday, 16 February 2023 07:25 PM

මේක තමයි රාජපක්ෂලා හදපු සමාජ සංස්කෘතිය. ඕන බලු වැඩක් කරන්න පුළුවන්... ඒත් දඬුවම් දෙන්න තහනම්... මේ අය නැතිවෙනකන් රට හදනවා බොරු...

:       0       7

virajFriday, 17 February 2023 08:47 AM

හැමදේටම රාජපක්ෂලා අල්ලන්නේ ඕක ජන්මේ වැරැද්ද, ඇයි එයිට වඩා අදහසක් එන්නේ නැද්ද?

:       1       0

bamunuarachchiSunday, 19 February 2023 08:15 AM

ඔබ කලබල වෙන්න එපා. ඔය ගොයියාට රාජපක්ෂ භීතිකාව හැදිලා... 2005 ට කලින් තිබුනේ ප්‍රභාකරන් භීතිකාව. කොටි එනවා කොටි එනවා කියා කියා පාරේ දිව්වා කියන්නේ මේ ගොයියාට. පව් අපි මොනවා කරන්නද? 1989 කාලේ කරපු පව් තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site