(තරංග ගුණරත්න)

වැලිගම විජයාරාම මාවතේ කුණු ගොඩක තිබී හමු වූ පීඩන වර්ගයේ බෝම්බයක් (බට්ටෙක්) වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදි පොලිස් විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිෂ්ක්‍රිය අංශය මගින් ආරක්ෂිතව පුපුරවා හැරීමට කටයුතු කළ බව වැලිගම පොලිසිය කියයි.

වැලිගම නගර සභාවේ සේවකයන් පිරිසක් විසින් දින කිහිපයක සිට වැලිගම විජයාරාම ප්‍රදේශයේ මාර්ග දෙපස පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරමින් සිට ඇති අතර එහිදී ඒම සේවකයන්ට බෝම්බයක් බවට සැක කෙරෙන උපකරණයක් හමුවී තිබේ.

අනතුරුව මේ පිළිබදව වැලිගම නගරාධිපතිනි යමුනා පුංචිහේවා මහත්මිය වෙත දැනුම් දීමෙන් පසු මේ පිළිබදව වැලිගම පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබේ.

පසුව පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කදවුරේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ මෙම බෝම්බය අධිකරණ නියෝග මත වැලිගම සේනානායක ක්‍රීඩාංගනයේදී ආරක්ෂිතව පුපුරුවා හැරීමට කටයුතු කර තිබිණි.

මෙම බෝම්බය හමුවන අවස්ථා වන විට ඉතා දුර්වර්ණ වි තිබු හෙයින් එය හඳුනා ගැනීමට අදාල තොරතුරු කිසිවක් සොයාගැනිමට නොහැකි වි තිබු බවට පොලිසිය කියයි