(සුජිත් හේවාජූලිගේ සහ ආරියරත්න රණබාහු)
වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවක ගත් තීරණ සියල්ල වලංගු නැති බවත් කවුරු මොන කතා කීවත් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයේ දිගටම කටයුතු කරන බවත් ඒකාබද්ධ විපක්ෂයේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
කතානායකවරයා ඒකාධිපතියකු හා විහිලුකාරයකු ලෙස හැසිරෙමින් ගත් සියලු තීන්දු තීරණ නීති විරෝධී බව කී ගුණවර්ධන මහතා ඔහු ආණ්ඩු පක්ෂයේ හඬට කන් නොදී පාර්ලිමේන්තුව ප්රජාතන්ත්රවාදයේ මලගමට රැගෙන යන බවද ප්‍රකාශ කළේය.
කතානායකවරයා පාර්ලිමේන්තු සම්ප්‍රදායට පයින් ගසා රට අරාජික තත්ත්වයට පත් කළ බවද ඔහු කීය.
ගුණවර්ධන මහතා මෙසේ පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(14) පෙරවරුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වලංගු නැතිනම් ගියේ මොකටද?
අනේ මහත්තයෝ එදත් වැඩක් කළේ නෑ. අදත් වැඩක් කරන්නේ නෑ. කටපියාගෙන ඉන්න.
බහුතරය පෙන්නලා තියෙද්දී මේ මොනවා කරනවද? රට අරාජික කරේ ඔබ තුමන්ලනේ. දැන් මේ මොන කතාද? තවත් රට අරාජික නොකර ඉවසලා ඉඳලා තව මාස කීපයකින් හරිවිදිහට ගන්න. අපිට ඕනේ රට අරාජික නැතිව මොන ආණ්ඩුවක් යටතේ හරි හොඳින් එන්න. දැන් තියෙන විදිහ ඇත්තටම අප්පිරියයි. දෙගොල්ලම මේ දඟලන විදිහට හරියට වැඩ කරනවා නම් අපේ රට සුර පුරයක් මේ වෙනකොට. කෝ තාම නැහැනේ එහෙම වුනේ? එතකොට එ්කට මේ හැමදාම දුක් විඳින ජනතාවද වැරදි....?
ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වැඩිය ලොකුයි කිව්වලු... වලංගු භාවයක් නැති පාර්ලිමේන්තුවට ඔබලා ගියානේ.. එහෙනම් බොරු සංදර්ශන නැතුව මේ ප්රශ්නය තව දිග්ගස්සන්නේ නැතුව පාර්ලිමේන්තු තීරණයට හිස නවලා රටට වැඩක් ඇති දෙයක් කරන්න නිකම් බලයට පොරකන්නේ නැතිව...
ජනාධිපති වාරාවසාන කර නැවත 14 දිනට කැඳවූ පාර්ලිමේන්තුවේ වලංගු බවක් නැත්තේ කොහොමද?
දැන්වත් නම්බු ඇතුව අයින් වෙලා යන්න. මහින්දව පහත් කරේ ඔබතුමන්ලා තමයි..
ඔව් ඔව් මේ ගොල්ලන්ගේ එ්වා විතරයි වලංගු !
දන්න තැනට තමයි ඇවිත් තියෙන්නේ...
ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් පෙළගැසුණු සැමට ස්තුතිවන්ත වෙමු. රට අරාජික නොකර බහුතරයට ඉඩදෙන්න. 2019 පහසුවෙන් ලබාගැනීමට තිබූ ජයග්‍රහණය අත්වෙමින් තිබේ. බලලොභී බව නිසා සියල්ල අහිමිවෙමින් පවතී. මොවුන් සියලුදෙනා දැඟලුවේ රටට තිබෙන ආදරයට නොවන බව මේ දින කිහිපය තුළ සක්සුදක් සේ ඔප්පුවිය. මේ බව තෙරුන් නොගත් වහලුන් සිටනතාක් කල් අපගේ රට සැමදා මෙලෙස අරාජිකව පවතිනු ඇත.
පාර්ලිමේන්තුව වලංගු නැත්තම් ඒ වගේ පාර්ලිමේන්තුවකට අද ආවේ ඇයි?
ඒ කියන්නේ පාර්ලිමේන්තුවේ ඉන්නේ ඡන්දෙන් දිනුව අය නොවෙයිද?
ශ්‍රී ලනිපයෙන් ඉවත්වී පොහොට්ටු සාමාජිකත්වය ගත්ත කට්ටිය පාර්ලිමේන්තුව තුළට අාවේ මොන පදනමකින්ද? පොහොට්ටුව පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂයක් නොවේ...
මේ ඇවිදින මළමිනී වගේ ඒවා කොහොමත් දැන් වලංගු නෑ. අර ඊයෙත් උසාවියේ එක මලමිනියක් හොල්මන් කළේ...
මේ වගේ අවස්ථාවාදීන් රටට බරක්... මෙතෙක් කල් ජනතාවගෙන් පෝෂණය වුණාට ජනතාව වෙනුවෙන් කරපු කිසිම දෙයක් නැහැ....
නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න මහින්දට නම්බුවක් තියෙනවද? පච වෙන එකෙත් සීමාවක් තියෙනවා. මහින්ද දැන් යනයන තැන නෝන්ඩි...
අනේමන්දා මේ මනුස්සයා මොනවා කියනවද කියලා. වලංගු නැත්නම් මොකටද පාර්ලිමේන්තුවට ගියේ? දැන් තියෙන්නේ නම්බුකාර විදිහට ඇමති තනතුරුවලින් ඉල්ලා අස්වෙන්න...
වලංගු නැති පාර්ලිමේන්තුවකට, මොකද සහභාගි වුනේ?
මහින්දගේ නම නැතිකළ මෙයයි 16 කණ්ඩායමේ මේ මිනිස්සුන්ට එල්ලෙන්න වල නැතුව ඉඳලා දැන් රට අස්ථාවර කළා.. මේ මනුස්සයට මේ වයසේ හැටියට සිහිකල්පනාව හරියට නැහැ. මේ මිනිස්සු විශ්‍රාම යන්න ඕනෑ. තවදුරටත් මේ මිනිස්සු දේශපාලනයට අදාල නැහැ. මේ මනුස්සයට කිසිම ඡන්ද පදනමක් නැහැ. මහින්දව විකුණනවා.
පාර්ලිමේන්තුවට සහභාගි වෙනකම් නීති විරෝධී නැහැ... ඒත් තමන්ට විරැද්ධව තීන්දු ලැබුණාම තමයි නීතිවිරෝධී...
ඔබතුමා කොහොමටත් වලංගු නැහැ!
පොඩ්ඩක් ඉන්න. ඔබ කියන දේ ගැන ඔබටම වැටහීමක් නැති හැඩයි. ඔබ කතා කරන්නේ කවුරුන් හැටියටද කියලා හුදෙක් පොදු ජනයාගේ දැනගැනීම පිණිස කියන්නකෝ? අපට නම් හරි වැටහීමක් නැහැ.
ඔබතුමා තව තව තප්පුලන එකේ තේරුමක් නෑ. මේ රටේ මුළු දේශපාලන ඉතිහාසේම ඉඳපු රටට අබමල් රේණුවක තරම්වත් වැඩක් නොවුණු තුප්පහිම දේශපාලකයෝ දෙන්නගෙන් එක්කෙනෙක් තමයි මේ. අනිත් එක්කෙනා තමයි වාසුදේව...
මන්ත්‍රී තුමා අද රෑ ගණන් ගුරුවරයෙක් හොයාගෙන හෙට උදෙ 10 ට පාර්ලිමේන්තුවට එන්න කලින් ගණන් ටිකක් උගෙන ගන්න. එතකොට වැඩි ගාන කුමක්ද අඩු ගණන කුමක්ද කියාලා දැනගන්න පිලිවන්වේවි.
රනිල්ට කල දෙය වැරදියි කීවම මෙයා ඇහුවා නේද? ඇයි ඔවුන්ට උසාවියට යන්න බැරි කියලා? එහෙනම් ඔය වල්පල් නොකියා ඔබලාටත් එහෙම යන්න පුළුවන්නේ දැන්... ඇයි බැරිද?
අගමැතිට වුණු දෙයක්... බමුණාට පිස්සු වගේ ඇති නේද?