IMG-LOGO

2025 අගෝස්තු මස 16 වන සෙනසුරාදා


වැලිකඩ හිරගේ බද්දට දෙයි

(අජන්ත කුමාර අගලකඩ)

වැලිකඩ බන්ධනාගාරය පිහිටි අක්කර 42ක ඉඩම දිගු කාලීන බදු පදනම යටතේ මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සදහා ලබා දීමට රජය තීරණය කර ඇත .

ඉඩම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතියක් සඳහා දිගුකාලීන බදු පදනම මත ලබාදීමෙන් රුපියල් කෝටි 2630 ක පමණ මුදලක් ල්බාගැනීමට ඇස්තමේන්තු කර තිබේ .

වැලිකඩ බන්ධනාගාරය එම ස්ථානයෙන් ඉවත් කර ,හොරණ මිල්ලනිය ප්‍රදේශයේ අක්කර 280 ක පමණ ඉඩමක ඉදිකිරීමට රජය සැලසුම් කර ඇති අතර,බන්ධනාගාර මූලස්ථානය බත්තරමුල්ලේත්,නිල නිවාස සංකීර්ණය මාලබේ ප්‍රදේශයේත් ඉදිකිරීමට යෝජනා වී ඇත .

මෙම ව්‍යාපෘති තුන වෙනුවෙන් වැය වන මුදල වැලිකඩ බන්ධනාගාරය පිහිටි ඉඩම බදු දීමෙන් ලැබෙන මුදලින් පියවාගැනීමට ද යෝජනා කර ඇත .

වැලිකඩ බන්ධනාගාරය හොරණ මිල්ලනිය ට ගෙන යාම ,මූලස්ථානය බත්තරමුල්ලේ ඉදි කිරීම සහ නිල නිවාස සංකීර්ණය මාලඹේ ඉදිකිරීම යන ව්‍යාපෘති තුන සහ ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 3147ක පමණ මුදලක් වැය වනු ඇතැයි ගණන් බලා ඇත .

 



අදහස් (13)

වැලිකඩ හිරගේ බද්දට දෙයි

Rohan Saturday, 04 December 2021 09:51 PM

චීනාටද?

:       1       13

Mo77 Saturday, 04 December 2021 11:10 PM

බන්ධනාගාරය විකිණීමෙන් ආදායම මිලියන 2670... වියදම මිලියන 3170 යි, මොකද්ද මේකේ වාසිය..?

:       0       19

පිටිගල මිලානෝ Sunday, 05 December 2021 12:23 AM

හොද වැඩක්..... හිර ගෙවල් තැනිය යුත්තේ හිස් ඉඩම් බොහෝ ඇති මොනරාගල හෝ කයිට්ස් දූපත වැනි දුරස්ථ ප්‍රදේශ වලය.

:       9       5

ලුම්බිණි Sunday, 05 December 2021 05:55 AM

චීනෙට නොවෙයි නේද දෙන්නේ...?

:       0       8

parsal yavanno Sunday, 05 December 2021 08:58 AM

ඇමැතිතුමනි, අපිට සාධාරණයක් කරන්න දැන් කිසිම ආදායමක් නැහැ... පාර්සල් තාප්පෙට උඩින් යවනවා. වසර ගණනාවක පලපුරුද්ද අනුව වෙන වැඩක් කරන්න අපි දන්නෙත් නැහැ... හොරණ මිල්ලනියේ අපිට නිවාස ලබාදෙන්න..

:       2       8

dasun Sunday, 05 December 2021 09:51 AM

අංක ගණිතයවත් තෙරෛන්නේ නැද්ද මන්දා

:       0       11

shanakaSunday, 05 December 2021 08:20 PM

පරිගණක 6න් දෙකක් කැඩිලා කිව්වාම... ඇයි ඉතින් ඉගෙන ගන්න බැරිද? කියලා අහපු නායකයෙකුට ඔය කෝටි ගණන් වලින් ගණන් හදන්න අමාරුයි..

:       0       1

ruwan Sunday, 05 December 2021 10:18 AM

හරි ආසයි... රටේ මුදල් ටික එකතුවෙලා කොල්ල කනවා. ඊට පස්සේ රටේ සම්පත් ටික විකුණනවා... ඉන්න හිතෙන රටක් මේක..

:       2       19

gamage Sunday, 05 December 2021 02:37 PM

ආදායම කෝටි 2630... වියදම කෝටි 3147...

:       0       12

asanga Sunday, 05 December 2021 08:01 PM

මේ වගේ අමන වැඩ යෝජනා කරන, ක්‍රියාත්මක කරන වවාගෙන කන්නන්ගේ මෑණිවරුන් බද්දට දුන්නා නම් මීට වඩා හොඳයි...

:       0       11

එරන්ද Sunday, 05 December 2021 08:34 PM

කොමිස් ටිකයි, හොරාකන ටිකයි ගියාම ඉතුරු මුදල ගෙවන්නේ මහජනතාව... අන්තිමට ජනතාවට ඉඩමත් නෑ, සල්ලිත් නෑ.. දැන් සැපද අහන්න මයිනෙකුත් නෑ.

:       0       13

ramitha Monday, 06 December 2021 07:40 AM

දුන්නා දුන්නම තමා ආයේ හම්බවෙන්නේ නෑ. මිනිස්සු රවට්ටනවා

:       0       0

susantha Tuesday, 07 December 2021 06:47 PM

හොඳම ගැහිල්ලක් ගහලා වගේ අයියලා, මල්ලිලා, බාප්පලා, මහප්පලා, පුතාලා... මේක වාසියක් වෙන්නේ කොහොමද? ඉඩම දිගුකාලීන බද්දට දුන්නාම ලැබෙන මුදලින් අර අලුත් හිරගේ හදන්නත් මදිනේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 33 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 129 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 938 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site