
(තිලකරත්න දිසානායක)
කොරෝනා ආසාදිතයින් හට ප්‍රතිකාර කිරීම පිණිස ගම්පහ, වැල්ලවත්තේ ඉදිකෙරෙන ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සොයා බැලීම සඳහා නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා එහි ගියේය.
මෙම ස්ථානයෙහි පළමුව ඇදන් 1000 ක් යෙදිය හැකි අන්දමින් සකස් කිරීම සිදු කරන බවත් මේ සදහා නාවිකයින් සීයක කණ්ඩායමක් යොදවා ඇති බවත්ය.
සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය අමු ද්‍රව්‍ය ලබාදීමේ කාලය මත මෙම මධ්‍යස්ථානයෙහි කටයුතු සති දෙකකින් අවසන් කොට බාර දීම සිදු කරන බවද පැවසූ හමුදාපතිවරයා , වතුපිටිවල සහ මීරිගම යන රෝහල්වල කටයුතු අවසන් කර ඇති බවත් අනෙකුත් රෝහල්ද කොරෝනා ප්‍රතිකාර පිනිස වැඩි දියුණු කිරීමට නාවික හමුදාව මගින් ශ්‍රම දායකත්වය ලබා දීම සිදු කරන බවත් පැවසීය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd