(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර විශේෂ කොමිෂන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සංවිධානය කරන විරෝධතා ව්‍යාපාරයක් පාර්ලිමේන්තු වටරවුම අසලදී අද(19) උදේ 10.00ට පැවැත්වීමට නියමිතය.
ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් මෙම විරෝධතා ව්‍යාපාරයට සහභාගි වෙති.
කොළඹ වරාය නගර කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේ දී අද ඇරඹෙයි. විවාදය අද සහ හෙට දින දෙකක් පුරා පැවැත්වෙන අතර පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම හෙට සවස 4:30 ට පැවැත්වීමට නියමිතය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන් දන්නේ නැහැ මේ කුහකයන් වෙසන පෙදෙස්වල අහළ පහළ අය කෙසේ ජීවත් වෙනවාද කියා...? තුන් වරුවම රටකට විනාශය පතන මොවුන් දැකීම පවා අහිතකර විය හැකියි. හොඳක් දකින්නේම නැද්ද කිසිම දෙයක...
අලි වෙනුවෙන්...
ඔයා කෑගහලා යන්නේ නැතෙයි...
ජවිපයේ තමයි රටට ආදරේ ඇති මිනිස්සු ඉන්නේ.. ඔහොම යං..
දොන් ජුවන් වගේ වැඩක් කරන්නනේ ආණ්ඩුව ගියේ... ජවිපෙ විරෝධය නියමයි... ජයෙන් ජය... ඔහොම යං..
දූෂිත ආයතන පද්ධතියක්, දූෂිත රාජ්‍ය නිලධාරීන් රොත්තක්.., කපටි ව්‍යාපාරිකයින් රැලක් රැවටිලිකාර ආත්මාර්ථකාමී දේශපාලඥයින් සෙට් එකක් යටතේ පවතින අණපනත් වලට යටත්ව ආයෝජනය කරන්න ආයෝජකයින් කැමතිත් නැහැ. එහෙමයි කියලා ජනතා පරමාධිපත්‍ය භෞමික අඛණ්ඩත්වය රටේ නීතිය පාවාදෙන්න පුළුවන් කමකුත් නැහැ. ආයෝජකයින් ගෙන්වන්න ඕනෑකමට. ජවිපෙ කවදාවත් ජනතාවගේ සංස්කෘතික සාරධර්ම ආගම දහමට ගරු කරලා ජනතා සිතුම් පැතුම් තේරුම්ගෙන ජන හදවත් අවබොධ කරගත්තෙත් නැහැ. ඒ නිසා බලයට එයි කියලා හිතන්නත් බැහැ. අනේ එතුමාලා මෙහෙමවත් පවතින්න එපායෑ. ඉතින් උද්ඝොෂණ කරපුවාම මොකද?. අපිට කියන්න තියෙන්නේ අරගොල්ලන්.. ඒ ගොල්ලන්, මේ ගොල්ලන් කියලා වෙනසක් නැහැ.. කවුරුත් එකයි කියලා විතරයි. කාගෙත් අවුරුදු 73ක් කෙරුවාවෙන් අමාරුවේ වැටුනේ ජනතාව...