
(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ රිෂාඩ් බදියුදීන්ගේ මහතා නායකත්වය දරන සමස්ත ලංකා මක්කල් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉෂාක් රහුමාන් සහ අලි සබ්රි රහීම් යන මහත්වරුන් ගේ පක්ෂ සාමාජිකත්වය එම පක්ෂ නායකයින් විසින් අත්හිටුවනු ලැබ ඇත.
රහුමාන් මහතා අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරන අතර රහීම් මහතා නියෝජනය කරන්නේ පුත්තලම දිස්ත්‍රික්කයයි.
මෙම මන්ත්‍රීවරු දෙදෙනාම කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේ දී පසුගිය (20) වැනිදා ඡන්දය ප්‍රකාශ කළහ.
ඔවුන් එම පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී කොළඹ වරාය නගර ව්‍යාපෘතියට පක්ෂව අදහස් පළ කරනුද අසන්නට ලැබිණ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් සංදර්ශනයක් පමණි. මේවා සිදුවන්නේ බදුර්දීන් දැනුවත්ව. ඔහුට ඇති චෝදනා වලින් නිදහස් වීමට මෙවැනි සහයන් රජයට දියයුතුයි.
තොප්පිය හැරෙන පැත්තට තමයි ඉතිං...
බදුර්දීන් එළියට එන නිමිත්තක්ද?
අයියණ්ඩියේ බිය නොවන්න... පාර්ලිමේන්තුවේ දොර ඔබලාට සදාකල් විවෘතයි.
හම්බ කරගන්න පුලුවන් වෙලාවේ හම්බ කරගන්න ඕනෑ... එහෙම නේද මන්ත්‍රීතුමන්ලා...
සල්ලිවලට කරන කතා වගේ..!!!
සිරිබිරිස් අංකල්, තොප්පිය හැරෙන පැත්තට කිව්වට, හැරෙන්න තොප්පියක් නැහැ... ඒකත් ගෙවිලා. පොඩ්ඩක්හරි හැරෙන්න නොතියා කපලා තිබුණා නම් මීට වැඩිය රට පෙරට ගිහින්, දැන් මොනවා කරන්නද?