
(යොහාන් භාසුර)
‘කොවිඞ්’ වසංගතය හමුවේ කොළඹ වරාය නගර පනත හදිසියේ සම්මත නොකර කල්දමන ලෙස ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිති.
ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ සහ කොළඹ අගරදගුරු හිමිපාණන් කොළඹදී මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසූහ.
ජනතාවට බලපාන පනතක් හදිසියේ සම්මත කළ යුතු නැති බවත් ඒ ගැන ජනතා අදහස් ද ලබා ගත යුතු බවත් ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ පැවසූහ.
මේ මොහොතේ දෙදෙනකුට එක් වී කතා කිරීමට බැරි තත්ත්වයක මෙලෙස හදිසියේ පනත සම්මත කරගැනීමට උත්සහ දැරීම ගැන සැකයක් පවතින බවයි උන්වහන්සේ පැවසූහ. ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ මෙසේ ද පැවසූහ.
(ඡායාරූප: ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ අසල්වැසියා බරට වියදම් කරනවා වගේ වැඩේ බකල් කරන්න..
ඔබ දෙපලට බැරිද, මේ දේශපාලන ක්‍රමය වෙනස් කරලා වෙන ක්‍රමයකට මෙය පටන් ගන්න. දේශපාලුවොයි, හෙන්චයියොයි මාරුවෙන් මාරුවට හොරාකනවා. හොරාකන්නෙත්, හොරු අල්ලන්න වියදම් කරන්නෙත් අපේ මහජන මුදල්...
කාදිනල්තුමා නම් මුඛ ආවරණ සහිතයි. අනිත් කෙනාගෙ කෝ මුඛ ආවරණය. තමනුත් උපදෙස් පිලිපැද්දොත් මොකද වෙන්නේ?
අගය කළ යුතු යෝජනාවක්...
කාදිනල්තුමාත් ඡන්දේ ඉල්ලයි වගේ ලබන සැරේ.?
පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමීන් වහන්සේ වෙත ඉතාම ගෞරවයෙන් ලියමි. ඔබ වහන්සේ ඔය අනුන්ගේ අනවශ්‍ය දේවල්වලට කාදිනල් තුමා එක්ක එකතුවෙන් ලෙඩ දම දමා ඉන්න වෙලාවේ, කාදිනල් තුමාවත් ශේප් කරගෙන ඔබතුමාගේ ආගම වන බෞද්ධාගම අදහන අයවලුන්ගේ අහිංසක දරුවන් වෙනුවෙන් කතෝලික ඉස්කෝල වලින් යම් ප්‍රතිශතයක් වෙන්කර ගන්නකෝ. අපි බස්නාහිර පළාතේ ඉන්න බෞද්ධයින්. මේ පළාතේ තියන සියලුම බෞද්ධ පාසල් වලින් යම් සැලකිය යුතු ප්‍රතිශතයක් අන්‍යාගමික දරුවන් වෙනුවෙන් වෙන්කර තිබුණද කිසිඳු කතෝලික පාසලක 5%ක ප්‍රතිශතයක්වත් බෞද්ධ දරුවන් වෙනුවෙන් වෙන් නොවන බව කියන්නේ හරිම වේදනාවෙන්. සැන් බ්‍රිජට්, සැන් පෝල්ස්, ශුද්ධ වූ කන්‍යාරාම පවුලේ බාලිකා පාසැල්, ශුද්ධ වූ කුරුසියේ පාසැල්, මාරිස්ටේලා, ආවේ මරියා ආදී සියලුම පාසල් බහුතරයක් වන මේ රටේ බෞද්ධයින්ගේ බදු මුදල් වලින් යැපුණත් එම බෞද්ධයින්ගේ දරුවන් වෙනුවෙන් 5%ක ප්‍රතිශතයක්වත් වෙන් නොකරන්නේ ඉතාම අකාරුණික ආකාරයට... කොටින්ම අනිත් කතෝලික දරුවන්ට පළමු වසරට ඉල්ලුම් පත්‍ර දුන්නත් බෞද්ධ දරුවන්ට ඉල්ලුම් පත්‍රයවත් දෙන්නේ නැහැ.
රට හැදෙනවාට විරුද්ධයි. සුද්දන්ගේ ඉත්තෝ තමයි ඔය...
අවුරුදු 05කට බලේ අරන් අවුරුදු 99කට රටේ දේපළ බදු දෙනවා... අනාගත පරම්පරාවට කරන බලවත් අසාධාරණයක් සහ පව් වැඩක් මේක...
ඕක චීනයට දෙනතුරු අපේ දේශ ප්‍රේමීන්ට නින්ද යන්නේ නැහැ.
නළුවෝ දෙන්නෙක් රවටන්න එපා. නැගෙනහිර වරායටත් ඔය දේ කළා. එකම කෙනාගේ නලුවෝ දෙන්නා..
කාදිනල්ගේ නම් හරි ප්‍රතිරූපය දැන් දැන් එළිවෙනවා.
රට ගැන කැක්කුම වැඩිවෙලා වගේ... ආගමික නායකයින්ට මොන දේශපාලනද?