(ඩයනා උදයංගනී)
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනතට පක්‍ෂව පාර්ලිමේන්තුවේදී ඡන්ද 150ක් ලැබුණු බවත් එය 148ක් ලෙස ගණනය වී ඇත්තේ කිසියම් දෝෂයක් නිසා බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පවසයි.
ඒ අනුව පනත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දයෙන් සම්මත වී ඇතැයි ද ඇමතිවරයා ඇමතිවරයා සඳහන් කරයි.
ඡන්ද ගණනය කිරීමේ දී අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මහතාගේ ඡන්ද ගණනය වී නැති බවත්, එබැවින් ඡන්ද සංඛ්‍යාව 148ක් ලෙස සඳහන් වූ බවත් ඇමතිවරයා කීවේය.
අමාත්‍ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (21) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඡන්ද ගණනය එසේ වැරදීම බැරෑරුම් තත්වයක් බව කී ඇමතිවරයා එය සිදුවූයේ කෙසේදැයි සොයාබැලිය යුතු බව ද පැවසීය.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකා ආර්ථිකයට සුවිශේෂී පනතක් වන වරාය නගර පනත තුනෙන් දෙකක විශේෂ බහුතරයකින් සම්මත වූ අවස්ථාවක එය නිසි ආකාරයෙන් නොදැක්වීම සම්බන්ධයෙන් ගැටලුකාරී තත්වයක් මතුවී ඇති බවයි.
එය කිසියම් සැලසුම් සහගත ක්‍රියාවක්ද යන්න සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් රටේ ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන්නැයි කතානායකවරයාගෙන් ඉල්ලීමක් කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව ද කාරියවසම් මහතා සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට ගණන් කරන්න දන්නේ නැතිද කොහේද? අධ්‍යාපනය, අධ්‍යයනය කියන දේ වත් දන්නේ නැහැ.
150ට ගැන ගන්න බැරි අය තමයි ඔතන ඉන්නේ. කෙටියෙන්ම කතාව ඒකයි.. ඉතිරි ටික හිතාගන්න...
විජාතික කුමන්ත්‍රණයක් විය හැකිය.
ඒක ගන්නෙත් අට පාස් නැති අයද? මහලොකුවට පාට කියන්නේත්, නීති හදන්නේත් එතැන.. ඒක හරි උත්තරීතර තැනක් කියලා. මේ ගණන් කිරීමෙන්ම පේනවා මොන තරම් නම් උත්තරීතරයිද කියලා.
අපට මේ වරාය පිළිබඳව පනත සම්මත වූවාද නැද්ද යන්නට වඩා බරපතල ගැටලු තිබෙන බව පැහැදිලිය. එනම් "දියවන්නාව පට්ටියේ හරකුන්ට ඉලක්කන්" එකතුකර ගැනුමට තරම්වත් දැනුමක් නොමැතිවීම ඉතාමත්ම කණගාටුදායක මෙන්ම එය භයානක තත්වයක් නොවේද ..? කාරුණිකව මධ්‍යස්ථව සිතන්න... ගෝඨාභයද, පුතානෝද, රනිල්ද බලයේ ඉන්නේ අපට අදාළ නොමැත.. නමුත් මෙය ඉතාමත්ම භයානක පෙරනිමිති පෙන්නුම් කරනවා නොවේද?
ඒක තමයි මහත්තයෝ.. පාර්ලිමේන්තුවට 08 පාස් අයවත් යැවිය යුතුයි.
ගොබ්බයෝ, හරියට කරන්න දන්නේ නැහැ.
මේ වෙලාවේ ගම්පහ අවට ඉන්න අපට නම් ඔය විවාදේ ඡන්ද එකක් දෙකක් එහෙ මෙහෙ වූ එක අදාළ වෙන්නෙම නෑ.. ජී.ඇල්.. මහත්තයෝ... කරුණාකර ගම්පහ ප්‍රධාන රෝහලේ අඩුපාඩු ටිකට පිළියම් යොදන්න. මට කොරෝනා නැතත්, මට කොරෝනා හැදුනොත් අත්වෙන ශෝචනීය ඉරණම දැනටම දැනිලයි තියෙන්නේ... ඔහෙලා රැවුල ගිනි ගනිද්දි සුරුට්ටු පත්තු කරන්නනේ හදන්නේ.. පුදුම මිනිස්සු ඔහෙලා නම්..
ඡන්ද 225 හරියට ගණන් කරගන්න බැරි පින්ගුත්තරයින් ඔතෙන්ට රාජකාරියට දැම්ම කෙනා කවුද? දියවන්නා ජාලය කලු වෙන්නේ මේ අයගේ බොරු අහලා ලැජ්ජාවට...
ඡන්ද වීමසීමකදී එය ගණනය කිරීම සිදු කරමින් කතානායකවරයාට සහාය වන්නේ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසිනුයි. දියවන්නාවේ 225 එම ගණනය කිරීම් වලට සම්බන්ධ නොවේ...
වයසට යනකොට කොහොමත් ගණන් එහෙම ටිකක් අමාරු වෙනවා තමයි. දැන් යන තැනකට වැඩක් කරගත්තොත් නරකද?
රෝමය ගිනිගනිද්දී නීරෝ වීණා වාදනය කළාලු. එහෙමත් නැත්නම් නැව ගිලුනත් බෑන්ඩ් චූන්ලු...
ලැජ්ජා නැතිද මහාචාර්යතුමෝ....? ඔය කරගන්නවත් බැරි අය එක්කලා බැරි අය එක්කලා ළගින්න...
මහාචාර්යතුමාගේ දැනුම අති විශිෂ්ඨයි. අපේ ගමේ කඩේ එකාටත් බෑනේ හරියට ගණන්...
මගේ මොන්ටිසෝරි යන පොඩි දුව එවන්නද? ජනතාවගේ ධනය විනාශ කරනවා. එක වැඩක් හරියටම කරගන්න තාම බැහැනේ... මහලොකුවට උත්තරීතර...
පුදුම වෙන්න දෙයක් නෑ. ඔතන ඉන්න මහාචාර්ය පට්ටම් තියෙන කාටවත් 225ට ගනින්න බෑ. බූරුවෝ වගේ බලන් ඉඳලා දැන් උඩුබුරනවා. මේ අයද රට කරන්නේ?
ඔය ගාන 150ද? කීයක් තියෙනවාද කියලා වැදගත් වෙන්නේ චීනාට විතරයි. මොකද දුන්නු කුට්ටි ගාන හරියට ගැළපෙන්න ඕනෑ. අපි නම් ඉතිං "මරු මුව අභියස".
මහජන අදහස් දැක්වීම් වලට කැමති හා අකමැති අනුපාතය අපට පෙන්වයි. රජය කෙතරම් අප්‍රසාදයට පත්වී ඇත්ද යන්න පැහැදිලි චිත්‍රයක් ලබාදෙයි.
පීරිස් මහත්තයෝ කොරෝනා ගැන කතාකරන්න.
මම හිතන්නේ මෙයාගේ මොලේ ඇතුළට රිංගපු මූනිස්සම දොස්තර අරන්දාලා නැද්ද කොහේද? ඒකයි..
ඒකට තමයි මහත්තයෝ ඡන්දය විමසීමෙන් පස්සේ තහවුරු කිරීමට පෙර කතානායකවරයා ඇහුවේ ඉලෙක්ට්‍රෝනික ආකාරයට ඡන්දය පාවිච්චි කිරීමේ ගටලුවක් තිබෙන කෙනෙක් සිටිනවා නම් සඳහන් කරන ලෙස කිව්වේ... අපි මෝඩයින් කියලා හිතුවද?. අනික පාවිච්චි කරන්නේ මෝඩයෝ වුණාට ගණන් කරන්නේ උගත් මිනිස්සු...
ඒ කියන්නේ අසුබ නිමිත්තක්. මුහුදට වැලි පුරවලා වටේ බැම්මක් ගහලා හදපු කෘත්‍රිම පොළවක තට්ටු ගොඩනැගිලි හදලා අවදානමක් ගන්නේ මොකටද කියලා ආයෝජකයින් සිතයි. ඒ වගේම මුහුද අද්දර ස්වාභාවික ගොඩබිමේ ඕනෑතරම් ඉඩම් තියෙද්දී. අනික චීනය ඕකට අරක් අරන් ඉන්නකන් වෙන කෙනෙක් එයි කියලා හිතන්න අමාරුයි.
පම්පෝරියේ තරමට වැඩ නම් නැති බවයි පේන්නේ... මේ අයගේ බුද්ධිය හා හැකියාව ගැන මැන බැලීමට මෙය ඉතා හොඳ සරල උදාහරණයකි. මේ වගේ පුංචි ගාණක්වත් එකතු කරගන්න බැරි ප්‍රඥාවන්ත රැළක් තමයි අපේ පාර්ලිමේන්තුවේ ඉන්නේ. කම්පියුටර් බල්ලට විසිකරලා මහදැනමුත්තන් රැල එකතුවෙලා ඇඟිලිටික ගැන්නා නම්, මේ පුංචි ගණන ඒකතුකරගන්න තිබුණා. මේ පුවත් ලෝකෙට යනවිට අපේ රටේ තත්වය අර සතාගේ තත්වෙට වැටෙනවා.
නුඹලා කොරෝනා ආසාධිත සහ මැරුණු සංඛ්‍යාවවත් හරියට ගැනලද මේ කතා කියන්නේ? ඊයේ වෙනකොට 44ක් මළමිනී ගොඩ ගැහිලා... නුඹලාට හෙණ 07 ගහනවා..
ඡන්දෙ ගණන් කරන්නේ මැති ඇමැතිලා නෙමෙයි, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය කියලාවත් නොදන්න පුරවැසියන් බොහොමයක් ප්‍රතිචාර දුන්නු රටේ අනාගතය ගැන කවර කතාද?
‘‘එක රටක්... ලොකු රටක්‘‘ කිව්වට ලෝක සිතියමේ වත් දිස්නොවෙන මේ දූපත තිතක්.. ඒ නිසා රටක් කියනවටවත් ඇත්තටම භූවිද්‍යාඥයින් නම් ඇත්තටම කැමැති වෙන්නේ නැහැ. මොකද චිත්‍රය වෙනස්. එහෙව් දූපතක ගණිතය නොදන්න අය ඉන්නවා කියන්නේ අනික් කෙරුවාවල් ගැන හිතාගන්න පුළුවන්.
වඳුරාට දැලිපිහිය දීමත්, නිවට පාලකයකුට බලය දීමත් අතර වෙනසක් නෑ.
රටේ සම්පත් චීනාට විකුණන කම් හරියට නින්ද යන්නේ නැති ඔබතුමා වැනි පුද්ගලයින් සිටින පොහොට්ටු පිල ලබන ඡන්දෙදී 10% ක් පහළට වැටෙනවා... එතකොට ඒක ගණන් කරන්න පහසු වේවි..
මෙහෙම කියන එක්කෙනා නේද මේ දූපතේ අධ්‍යාපන ඇමැති... ලැජ්ජයි..!!! දැන් ඉස්කෝල ටික වහලා වසර 02කට කිට්ටු වෙන්න එනවා. මේ අධ්‍යාපන ඇමැති ගෙදර යැව්වාම ඊළඟ ඡන්දෙන් ළමයින්ට ගණින්න තියා එක දෙක කියන්න දරුවෝ ටිකක් ඉඳීවිද මන්දා... දැනටමත් දරුවන් 1000ක් කොරෝනාවට බිලි... 5ක් මැරිලා... ඒකට මොකද ‘‘ අපි තමයි හොඳටම කළේ‘‘. මේ අයට හෙණ 07 ගහන දවස වැඩි ඈතක නොවේ..
අර රැකියා ලක්ෂයේ කෙනෙක්ව පාර්ලිමේන්තුවේ ඡන්දෙ ගනින්න දාලාද කොහේද?
පහුගිය දිනක චීන ආරක්ෂක ඇමැතිගේ පැමිණීමයි, මේ පනත හදිසියේ සම්මත කරගැනීමයි අතරේ ලොකු සම්බන්ධයක් තියනවා කියලා තමයි විදේශ මාධ්‍ය සඳහන් කරන්නේ...
සභාපතිතුමාගේ ගණන් හැදුවේ අපිද? ඔය විදිහට 69 ලක්ෂයේ කියන්නෙත් බොරු වෙන්න ඇති. ඇයි කණිෂ්ක, අසාන් ඔයාලා ගියාද ගණන් කරන්න...? ඔතන ඉන්න ඔක්කොම අධ්‍යාපනය ලබාගෙන තියෙන්නේ අධ්‍යාපන ඇමැති කෙනෙක් හිටපු රටක ඉස්කෝලෙක ඉගෙන ගෙන නේද? අධ්‍යයනයෙයි, අධ්‍යාපනයෙයි වෙනස නොදන්න හපුයියෝ වෙන්න බෑ..
ඕක කජ්ජක්ද ප්රොප්? ලොක්කටත් 5 ට ගනින්න බැහැ කියලා අපි ළඟදී දැක්කේ නැත්ද?
පින් බයියන් ටිකකට ලැබුණ ඡන්දෙ ගණින්න බැරිව දඟලනවා. රටේ කොරෝනා නිසා මිනිස්සු මැරෙනවා. මේ අයට ගාණක් නැහැ.
හිරේ ඉන්න ඕනෑ කෙනෙක් ... ලැජ්ජාව ගෑවිලාවත් නැහැ...