(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගරයේ පළමු ව්‍යාපෘතියට රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමැතිය ලබා දුන්නේය
කොළඹ වරාය නගරයේ අමරිකානු ඩොලර් බිලියන 100ක ආයෝජනයකින් ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවීමට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සූදානම්ව සිටී.
මෙය එම නගරයේ පළමු ආයෝජනය බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන මහතා පැවසීය.
මෙහි පළමු අදියර යටතේ මහල් සමූහයකින් යුතු කාර්යාල සහිත කුලුණක්ද උසස් ස්ථරයේ නිවාස කුලුණු දෙකක් ද සිල්ලර වෙළඳ පීඨිකාවක්ද දෙවෙනි අදියර යටතේ නවීන කාර්යාල කුලුණක් සහ සිල්ලර වෙළඳ පීඨිකාවක්ද ඉදි කෙරෙන බව එම කාරක සභාව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ 69 ලක්ෂය මොකද කරන්නේ? ඉන්න රටක් ඕනෙ නැද්ද? චීනාට දුන්නාට කමක් නැද්ද? තිරිසන් ගතිය තමයි.
චීනා කොහෙන් හිනාවෙනවා ඇත්ද අම්මපා...?.
ඩොලර් බිලියන 100 කියන්නේ මහවිශාල මුදලක්. මිලියන බිලියන අතර වෙනස දැනගෙන ලිවිය යුතුයි ලියද්දි..!!!
නිවාස කුළුණු 02ක් කා සඳහාද? වරාය නගරයේ නිවාස කුළුණු..!!! ජනතාවගේ බදුමුදලින් ඇස් වසා වැලි ගසා නිවාස හදන්නේ මෙන්න මෙහෙම..
සම්පූර්ණ පාලනය චීන සමාගම්වලට බාර කිරීම ඇතුළු ව්‍යාපෘති සියල්ලටම ඔය ටික තමයි ඉතින්. මේ අවුරුදු තුන හතර ඇතුළත ඉක්මණින් නීති සියල්ලම අනුමත කරගෙන වැඩේ සීල් කරන්න යනවා වගෙයි පෙනෙන්නේ...
ඇමෙරිකානු ඩොලර් බිලියන 100 ක් !!!