(සුජිත් හේවාජුලිගේ )
කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීමේදී යම් අඩුපාඩුවක් සිදුවී ඇත්දැයි තමා සොයා බලන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.
ඡන්ද විමසීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වීම නිසා තමා මෙම තීරණය ගත් බවද ඔහු කියයි.
මේ ඡන්ද විමසීමේදී ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ගේ ඡන්දය ගණනය වී නැති බවට චෝදනා එල්ල වී ඇත.එය ගණනය වූයේ නම් පනත් කෙටුම්පත තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත වන බව ආණ්ඩුවේ මන්ත්‍රීවරු පවසති.
පනත් කෙටුම්පතට ඡන්දය විමසන අවස්ථාවේදී තම තමන්ගේ ඡන්දය වැටී ඇති ආකාරය හොඳින් නිරීක්ෂණය කරන්නැයි තමා කීප වරක්ම මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් එවැනි අවස්ථාවලදී මන්ත්‍රීවරුන් දැඩි සැලකිල්ලෙන් සිටියේ නම් මෙවැනි අඩුපාඩු වළක්වා ගත හැකි බවත් කතානායක වරයා පැවසුවේය.
කෙසේ වෙතත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැති ඡන්ද විමසීමේ ප්‍රතිඵලය කතානායකවරයා නිවේදනය කර අවසන් හෙයින් එහි කිසිදු වෙනසක් කිරීමට හැකියාව නොලැබෙන්නේ යෑයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ආයෙත් මළ කෝළමකට ලෑස්ති වෙනවා. වැඩ බැරි නම් පුළුවන් කෙනෙකුට කරගන්න දීලා පලයව් මක බෑවිලා... ව්‍යවස්ථාව කඩ කඩා මිනිස්සුන්ගේ බදු මුදල් ටික විනාශ කර කර ඉන්නේ මොන මගුලකට?
තාම වැරැද්ද පේන්න ගත්තේ නැහැ. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට...
ලැජ්ජයි කතානායක තුමෝ. ලැජ්ජයි. මේ රටේ පක්ෂ විපක්ෂ මොනතරම් දක්ෂ කථානායකවරුන් හිටියාද? ඒ අය ගැන හෝ හදාරලා අවශ්‍ය දේ ඉගෙනගන්න. මේ ඔබතුමා පාලනය කරන පාර්ලිමේන්තුවේ මේ තරම් කොම්පියුටර් තිබිලත්, පොහොට්ටුවේ බෙරිහන් දෙන මොලකාරයන් යයි සිතනා අය ඉඳලාත්, මේ පුංචි ගාන හරියට ගණන් කරගන්නට බැරිවුණා. හරිම අගෙයි. මෙයට කරන්න තිබුණේ ඔබතුමාලගේ මන්ත්‍රීවරුන් 15 ක් අරගෙන ඒ අයට කියා ඇඟිලි ටික ගැන්නෙව්වා නම්, වැඩේ ගොඩ. ඒ නුවණ වත්, ඔබතුමාලාට තිබුණේ නැහැ. විශිෂ්ඨයි.
මම නම් හිතන්නේ ලෝකෙම ඉන්න අසාර්ථකම කථානායක... හොයයි මගුලක්... රාජපක්ෂලා එනකොට මුත්‍රා යනවා.. ඉතින් වෙන මොනවා බලාපොරොත්තු වෙන්නද?
මෙයාලගේ සරල අංක ගණිතයත් දුර්වල බව දන්නේ දැන්නේ...
කතානායකතුමා පැහැදිලිව කියලා තියෙනවා ඡන්දෙ දැම්මද කියලා බලන්න කීවා කියලා.. ඒක ඒ වෙලාවේ කියන්නේ නැතුව එළියට ඇවිත් මගේ වැටිලා නැහැ කීවට වැඩක් නැහැනේ...
මහදැන මුත්තගේ ක්‍රමයට ගණන් කළාද? කතානායකයි, එක්සත් ජාතික පක්ෂයේ තවම පත් නොකළ මන්ත්‍රීවරයායි අතහැරියාම ඡන්ද 223යි.
දෙසීයකටත් අඩු ඡන්ද ගණනත් හරියට ගණන් කරගන්න බැරි පිරිසක්. මේක නම් නියම "පාර්ලිමන්ට් ජෝක්ස්" ම තමයි. දැන් ආණ්ඩුවේ පුවරුවල දෙමළ වෙනුවට චීන භාෂාව යොදාගන්නවා කියලා රජයේ කන්තෝරුවක කටයුත්තක් ගැන පළකර තියෙන වාර්තාවක දැක්කා. මාර වැඩක් තමයි ලංකාවට වුනේ....
ඔය කියන දෝෂය නිවැරදි කළත් එකයි, නැතත් එකයි... අපිට එය අදාළ නැහැ. සමගි ජන බලවේගය බලයට පත්වුණු වහාම ඔය පනත සම්පූර්ණයෙන්ම වෙනස් කරන බව සජිත් ප්‍රේමදාස මහත්මයා ජනමාධ්‍ය වලින්ම පැවසුවා. ඒ බව දැන් ජාත්‍යන්තරය දන්නවා. ඒ නිසා ඔයගොල්ලෝ මොන සෙල්ලම් දැම්මත් තව ටික කලකින් ඔබ ඇතුළු ඔබ වැනිම ගෝත- බයියන් එකතුවෙලා හොර චීනාට පාවාදුන්න අපේ රටට අයිති පොර්ට් සිටිය නැවත පවරාගෙන හොර චීන්නුන්ව රටෙන් එළවා දමනවා. ඒ බව ස්ථිරයි.
අප තරයේ විශ්වාස කරනවා මෙම වැරැද්දට කව්රුන් හවුල්ද ඒ සියලුම බූරුවන්ගේ විස්තර මහජනතාවට නිසි ලෙස දැන්වීම කතානායක විසින් සිදුකරනු ඇති බවට... කිනම් හෝ අනපනත් සම්මත කිරීමේදී එයට පක්ෂ, හෝ විරුද්ධව ඡන්දය ගණනය කිරීම වැරදි සහගත ලෙස කෙරෙනවා යනු එය රටේ අනාගතයට ඉතාමත්ම බයංකාර ලෙස දැනෙන බැවිනි... අප කිසිවිට වරාය සඳහා වූ ඡන්දය ගැන නොව අදහස් දක්වන්නේ මොනම හෝ අණ පනතකට මෙය නැවතත් සිදුවිය හැකි බැවිනි. එබැවින් නිසි ලෙස ගණනය කිරීමට නොහැකි "බූරුවන්ව" දියවන්නාව පට්ටියෙන් පන්නා දැමීම කතානායකගේ සම්පූර්ණ වගකීම වනු ඇත...
දැන් බලාගෙන යනකොට දියවන්නාවේ සාමාන්‍ය පෙළ සමත් මඩකනයිනුත් දෙකේ පන්තියේ ඉඳලම ගණන් අසමත් වගේ..
මෙහෙ මිනිස්සු මැරෙනවා දිගට හරහට.. නුඹලට ඡන්ද.. නොදකින් පව්කාර හැත්ත.
මේ බුද්ධිමතුන්ට අනුව දියවන්නාවේ 225ට ඡන්දය දාන්නත් ඕනෑ... ගනින්නත් ඕනෑ...
ඔය කෙහෙල්මල නොවේ... දැන් මේ රටේ ජනතාවට මේ වසංගතයෙන් බේරෙන්න ක්‍රම සොයා බලන්න.
මීටත් වඩා මුසල කාලයක් ඔබ අත්විඳ තිබේද?
මෙයාට විකාර... කඩේ යන එකයි කරන්නේ.
මේ තරම් වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ වෛද්‍ය විද්‍යාලවල මහාචාර්ය වරු මේ කොරෝනා අවදානමෙන් ජනතාව බේරගන්න තියෙන සීමිත විසඳුම් කිව්වත් මේ පාලකයන්ට ඇහෙන්නේ නැති හැටි.. රටේ අවාසනාවක මහත...
බලන්න ඒකෙත් හැටි. අපි හීනෙකින්වත් හිතුවද අපේ ජීවිත කාලේදී අපට 138 බස් එකේ නැගලා ලේක්හවුස් එක ලඟින් බැහැලා "ලොකු රටක්" වෙන චීනෙට පයින් යන්න පුලුවන්වෙන සෞභාග්‍යමත් දවසක් උදාවෙයි කියලා...?
මේ පට්ටියේ හරක් රැළගෙන් උම්බෑ හඬ හැර සිංහ ගර්ජනා අහන්නද?
ලංකාව තුල සිටින ලක්ෂ ගණනක් ජනතාව වෙනසක් පිළිබඳ අවබෝධයක් නොමැත... ඔවුන්ට වෙනසක් අවශ්‍ය වේ. නමුත් ඕස්ට්‍රේලියාවේ සිට යුරෝපය පමණක් නොව සමස්ත ලෝකය පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයන් දේශපාලන, ආර්ථික සමාජීය වෙනස්කම් පිළිබඳ හොඳ අවබෝධයක් තිබේ. එම රටවල සහ ලංකාවේ වෙනස ඔවුන් හොඳින් දැනුවත්ය. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඔවුන් ඉපදුණු, නිදහස් අධ්‍යාපනය ලද රටේ වෙනසකි. එම වෙනස සඳහා විදේශ රටවල සිටින්නා වූ ශ්‍රී ලාංකිකයන් ජාති, ආගම් බේදවලින් තොරව ඔවුන් ඉපදුණු රටට වෙනසක් බලාපොරොත්තුව සිටියි. එම වෙනස සඳහා 69 ලක්ෂයක ජනතාව පෙරමුණ ගනු ඇත..
අපේ මුත්තා ඒ කාලේ කිව්වා ගාණක්වක් හදන්න දන්නේ නැහැ. කුරුඳු තලන්නවත් යැව්වානම් කියලා. දැන් ඉතින් අර වියත් මගේ කාටහරි කතානායකකම දුන්නා නම් තවත් ජල්තරයක් හරි කරයි..
ඔව් ඔව් දෙන එක හරියට ගැනලා දෙනවා.