
(සුජිත් හේවාජුලිගේ)
හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද ඉවත් කිරීමට එරෙහිව අධිකරණයට නොයන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට පසුගියදා දැනුම් දී ඇතැයි වාර්තාවේ
එසේම වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන හිටපු ජනාධිපතිවරුන් පසුගිය දිනවල ස්ථාන දෙකකදී හමු වූ අවස්ථාවේදී තමා සමග මේ ගැන යම් යම් අදහස් ප්‍රකාශ කළ බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිටං හුටන්ට ආයේ තොප්පියක්...! මේ මනුස්සයාට විශ්‍රාම සුවෙන් ඉන්න දීපල්ලා බං...!
රනිල් නම් පින් ජනපති. කිසිම ජනාධිපති කෙනෙකුට වරප්‍රසාද, වරදාන කිසිවක් නොදිය යුතූයි. බලයේ හිටපු කාලේ සියලු වරප්‍රසාද වරදාන බුක්ති විඳගෙන පවුල් පිටින් සුවසේ සැපසේ ජීවත් වුණා. මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ කරලා පරම්පරා ගානකට ඇතිවෙන්න යහමින් හරිහම්බ කරගත්තා. ජනතාව රවට්ටපු , රීරී මාන්ස හූරාගෙන කාපු දූෂිත දේසපාලුවන්ට තවත් මොන වරප්‍රසාදද?
අන්න දැම්මා... කකුල් මාට්ටුව... කොහොමද ගුලිය...?
මෙයා නම් ජනාධිපති පුටුවේ සිටින කාලේ තමයි තමන්ගේ ගෝලයින්ට අත්වෙන වරප්‍රසාද ලබාගත්තේ...
ඔව් මේ වරප්‍රසාද නඩුවට ඉදිරිපත් වෙන්න බැහැනේ... මොකක්ද තමන්ගේ බිරිඳගේ පුද්ගලික සංචාරයක් සඳහා මහජන මුදල් එක්කෝටි 69 ලක්ෂය වියදම් කරමින් එංගලන්ත සංචාරයේ නඩුවට ඉදිරියේදී මුහුණ දෙන්න තියෙනවනේ...
බලය ඇති කාලයේ පරිවාර නඩ එක්කම දෙව්ලොව සැප විඳලා මදිවාට සුපිරියටම හොරා කාලා රට බිමටම පතබාවලා පස්ගොඩේ ඇදගෙනත් ගියපු මුන්දැලා වරප්‍රසාදත් ඉල්ලන්න නම් රෙදි නැතිව තමයි එන්න ඕනේ...
ඉතුරුවෙලා ඉන්න අය නඩුවට කළින් සිහිවටන පාටියක් දාවිද?
පිං ජනාලට මොන වරප්‍රසාද යකඩෝ? අර පාරේ යන පිනට අත ඇරපු ගොන්නුගේ තට්ටන් දෙකේ ගහන "පිං" අකුරු දෙක ගහන වරප්‍රසාදෙට නම් අපි පක්ෂයි ඕන්...
උඩින් ලියපු නූගත් ජෙප්පෝ දන්නේ නෑ... මෙතුමා කිසි දිනෙක තමුන්ගේ පඩි, දීමනා ගත්තේ නෑ කියන එක. මෙතුමා තමුන්ගේ දේපළ පවා ඉස්කෝල වලට, පුණ්‍යායතන වලට ලියලා තියෙන්නේ. පුස්තකාලය තමුන් ඉගෙන ගත්තු රාජකීය විද්‍යාලයට පරිත්‍යාග කරලා තිබුනේ. ඒත් පහුගිය අරගලේදී ජෙප්පෝ ඒකට ගිනි තියලා විනාශ කළා.