(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
තමා වරදක් කර තිබේනම් අධිකරණයට ඉදිරිපත් කර මරණ දඬුවම ලබා දෙන්නැයි ද එසේ නැතිනම් නිදහස් කරන්නැයි ද වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී රිෂාඩ් බදුයුදීන් මහතා (සජබ) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමාට එරෙහිව කිසිදු චෝදනාවක් නැතැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පවා පිළිගෙන තමා නිර්දෝෂී පුද්ගලයකු බව ප්‍රකාශ කර තිබෙන බව කී බදුයුදීන් මහතා පොලිස්පතිවරයා පවා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට කරුණු දන්වා තිබෙන බවද සඳහන් කළේය .
එවැනි තත්ත්වයක් යටතේ තමා රඳවාගෙන සිටීම අසාධාරණයක් බවත් වසර විස්සක් පාර්ලිමේන්තුව නියෝජනය කළ තමා තනි පුද්ගලයෙක් නොව මහජන නියෝජිතයෙක් බවත් බදියුදීන් මහතා සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ මුදල් පනත් හතක් සම්බන්ධ විවාදයට ඊයේ (18) එක්වෙමින් බදියුදීන් මහතා මේ බව පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරදක් කළත් සිතකින් නොවේ, රිදවන්නේ පළිගන්නේ ඇයි?
බය නැතුව කියන්න... මොකද, එල්ලා මරන්නේ නැහැ කියලා හොඳට දන්නවානේ...
කලබල වෙන්න එපා... තවම නාට්‍යය ඉවර වුණේ නැහැ. ළඟදීම නිදොස්කොට නිදහස ලැබෙනවා. මේක ශ්‍රී ලංකාව... ඔබතුමාට අමතක වෙලාද මන්දා.. ?
එදා මුස්ලිම් පල්ලිවල කඩු තියන් හිටියේ මොකටද?
ඉස්සෙර වෙලාම කියන්න පුත්තලමට ආවට පස්සේ මේ තරම් ධනස්කන්ධයක් සොයා ගත්තේ කොහොමද කියලා... එතැනින් පටන් ගන්න පුළුවන් වැරදි කරපුවා මොනවද කියලා... පුත්තලම සහ මන්නාරම අතර ගනුදෙනු එළිවෙයි එතකොට.. විදෙස් රටවල් එක්ක මොනවද කරපු ගනුදෙණු කියලාත්...
එතකොට කොහොමද බයියන් ඡන්දෙ ඉල්ලන්නේ...?
පිස්සුද මල්ලි. ඔයා ඉන්න තැන එච්චරම අප්සෙට් නෑනේ. ටිකක් හිටපන් අපේ උන්ට ජොලියක් දීලා සාක්ෂි ප්‍රමාණවත් නෑ කියලා නිදහස් කරන්නම්... එතකොට මිනිස්සු බනින්නේ පොලීසියට. අපේ ඡන්ද රැකෙනවා. උඔටත් වීරයා වගේ ගෙදර ගිහින් උඹේ ඡන්දත් බේර ගත්තැහැකියි. අපි කියලා උඔලා අපි වෙනුවෙන් වෙන මොනවා කරන්නද? මොකද නුඹලා අපි බලේට එන්න දුන්නු පොරොන්දු ඉටු කරන්න පුළුවන් යැ...
දැන් බබා...