(ඉන්දිකා රාමනායක)
විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් වලට සම්බන්ධව අත්අඩංගුවට ගන්නා පොලිස් නිලධාරීන්ට මින් ඉදිරියට දැඩි නීති ක්‍රියාමාර්ග ගන්නා ලෙසට මහජන ආරක්ෂාව බාර අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික ) සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයා වෙත දැනුම් දී ඇත .
නිලධාරීන් අධීක්ෂණය කරන ස්ථානාධිපතිවරුන් ඇතුළු උසස් නිලධාරීන්ට එරෙහිව ද විමර්ශන සිදුකරන ලෙසට අමාත්‍යවරයා පොලිස්පතිවරයාට දැනුම් දී තිබේ.
පසුගිය දිනවල දී විනය විරෝධී සහ නීති විරෝධී ක්‍රියාවන් ක්‍රියාවන්වල නිරත වූ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුම අත්අඩංගුවට පත්වූ බවත් මොවුන්ගේ මෙම ක්‍රියාකලාප හේතුවෙන් සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම අවමානයක් බවට අමාත්‍යවරයා පොලිස්පතිවරයා වෙත යොමුකර ලිපියේ සඳහන් වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන මහතා පැවසීය.
මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා දැඩි නීති ක්‍රියාත්මක කරන ලෙසට ද පොලිස්පතිවරයා වෙත අමාත්‍යවරයා දැනුම් දී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් නීති හැදුවාද? නැත්නම් මෙච්චර කල් කැලේ තිබුණු නීතිඅනුව කටයුතු කිරීමෙන් වැළකී සිටීමද?
පසුගිය දවසක අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යතුමා " ගෝඨාභය ජනාධිපති තුමා ආරක්ෂක ලේකම් කාලයේ දැඩි තීන්දු තීරණ අරගෙන වැඩ කළා. එතුමාට නැවතත් ඒවගේ කටයුතු කරන්න වෙයි" කියල කියනවා අපට ඇහුනා. ඒක ඇහුනාම ලසන්ත, උපාලි, කීත් වගේ නම් සහ වැලිකඩ වගේ තැන් මතක් වුනේ මොකද මන්දා...? ආයෙත් සැරයක් එහෙම වුණොත් හොඳට හිටීවි...
හැබැයි කසිප්පු අල්ලන්න හැදුවොත් නම් මාරු කරනවා... අර වෙන්නප්පුවේ සිද්ධිය මතක් වුණා..