(එෆ්.අස්ලම්)
අමාත්‍ය රිෂාඩ් බදියුදීන් සහ ආණ්ඩුකාරවරුන් දෙදෙනෙකු ධුරයෙන් ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් 4කට බලකරමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් විසින් ආරම්භ කළ උපවාසයට සහය පලකරමින් මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.වියාලේන්ද්‍රන් ඇතුළු පිරිසක් මඩකලපුවේදී අද (1) උදෑසන සංකේත උපවාසයක් ආරම්භ කළහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියන් අමාත්‍ය රිෂාඩ් බදියුදීන්, නැගෙනහිර ආණ්ඩුකාර හිස්බුල්ලා සහ බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලිට ඉල්ලා අස්වන්නැයි බලකරමින් මහනුවර ශ්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී උපවාසයක් ආරම්භ කළේ ඊයේ (31) දිනයේය.
ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදුන් මෙකී දේශපාලකයින් තිදෙනාම ධුරවලින් ඉවත් වියයුතු බවත් නොවන්නේ නම් තමන් මාරාන්තික උපවාසයකට යන බවත් වියාලේන්ද්‍රන් මන්ත්‍රීවරයා ලංකාදීපයට සඳහන් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා...!!! දෙමළ සිංහල කියන්නේ ඉන්දියාවෙන් ආව සහෝදර ජාති 2... මේ ත්රස්තවාදීන් වෙනුවෙන් එකට හිටගනිමු.
ඔක්තෝබර් ආණ්ඩුව පෙරලන්න දඟලපු කල්ලිය මිනී උඩින් යලි කරලියට වගේ පේනවනේ. මෙලෙච්ඡ පාස්කු ප්‍රහාරයත් ඒකෙම කොටසක්ද කියලා... දැන්නම් සැකයකුත් තියෙනවා මේ වෙන දේවල් එක්ක...
ලෝකේ වැඩියෙන්ම මරාගෙන මැරෙන බෝම්බ එල්ලකරේ LTTE යයි.
එක්කෝ ජනාධිපති වාරණයක් ඉක්මනට තියන්න ඕනෑ... නැතිනම් රතන හිමියන් රැගෙන ඇවිත් නවලෝක රෝහලට ඇතුළත් කරන්න ඕනෑ.