(රංජන් කස්තුරි)

වයඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් මහාචාර්ය ඒකකය කුරුණෑගල රෝහලේ ස්ථාපිත කරන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව කුරුණෑගල රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා පවසයි.

වයඹ වෛද්‍ය පීඨයේ පළමු කාණ්ඩායම මේ වන විට තෙවන වසරේ අධ්‍යාපනය ලබන අතර හතර සහ පස්වන වසරවලදී අනිවාර්යෙන්ම මහාචාර්ය ඒකකයක අධ්‍යයන කටයුතු සිදු කළ යුතු බවද ඔහු කීය.

එහෙත් මේ වනවිටත් මහාචාර්ය ඒකකය ස්ථාපති කරන ස්ථානය පිළිබඳව දෙපිරිසක් තර්ක විතර්ක මතුකරමින් සිටින නමුත් ගොඩනැගිල්ලක් හැදීමවත් ආරම්භ කර නැතැයි ද විශේෂඥ වෛද්‍ය දයානන්ද බණ්ඩාර මහතා කියයි.

සියලු පහසුකම් තිබෙන කුරුණෑගල මහා රෝහලේ ශික්ෂණ රෝහලක් බවට පත්කර වයඹ මහාචාර්ය ඒකකය පළමුව එහි ස්ථාපිත කළ යුතු අතර පසුකාලීනව මුළු වෛද්‍ය පීඨයම කුරුණෑගල ස්ථාපිත කළ යුතු බවද වෛද්‍ය දයානනාද බණ්ඩාර මහතා කියයි.