(ටී.කේ.ජී.කපිල)
ව්‍යාජ ක්‍රොඒෂියානු ගුවන් ගමන් බලපත්‍ර භාවිතා කරමින් ශ්‍රී ලංකාව හරහා යුරෝපයට පැන යාමට තැත් කළ ඉරාන ජාතික යුවළක් අද (9) උදෑසන ඔවුන් පැමිණි ගුවන් යානයෙන්ම ආපසු පිටුවහල් කිරීමට කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීහු පියවර ගෙන තිබිණි.
39 හැවිරිදි වියේ පසු වූ මෙම ඉරාන ජාතික සැමියා, එරට වෙළඳ නාවිකයකු ලෙස සේවය කළ අයෙකි. ඔහුගේ බිරිඳ ද 34 හැවිරිදි ඉරාන ජාතික කාන්තාවකි.
ඔවුන් අද උදෑසන 8.10 ට ඕමානයේ මස්කට් නුවර සිට පැමිණි සලාම් එයා ගුවන් සේවයේ ඕ.වී.- 431 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
තමන් ශ්‍රී ලංකාවේ මධුසමය ගත කිරීම සදහා පැමිණෙන යුවළක් බව හඟවමින්, කටුනායක ගුවන් තොටුපළ ආගමන අංශය වෙත සිය වීසා අනුමැතිය සදහා අවශ්‍ය ලියකියවිලි ලබා දී තිබුණි .
එහෙත් ඔවුන් ශ්‍රී ලංකාවට ගොඩබැසීමේ අවසර පත්‍රය සම්පූර්ණ කර නොමැති බව නිරීක්ෂණය කළ, එහි රාජකාරීයේ නියැලී සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීවරයා ඒ පිළිබඳව විමසීමේ දී කළබලයට පත්මොවුන් අවසර පත්‍රය වෙනුවට, ඔවුන්ගේ ක්‍රොඒෂියානු හැදුනුම්පත් ඉදිරිපත් කර තිබේ.
ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , මෙම ක්‍රොඒෂියානු ජාතික හැදුනුම්පත් සූක්ෂමව පරීක්ෂා කර බලත් දී , ඒවා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු හැදුනුම්පත් නොව ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව හෙළිදරව් විය .
ඒ සමගම ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ද, ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඉල්ලා ගෙන පරීක්ෂා කළ අතර, ඒවා ද ව්‍යාජ ලෙස සකස් කළ ඒවා බව අනාවරණය විය .
පසුව ඔවුන්ගෙන් ක්‍රොඒෂියාව පිළිබඳව තොරතුරු විමසූ විට ඒවාට නිසි පිළිතුරු දීමට ඔවුන් අපොහොසත් වූ අතර පසුව ඔවුන් ඉරාන ජාතිකයන් බව ප්‍රකාශ කළහ .
තමන් රැකියා සොයා යුරෝපය වෙත යන බවත්, මෙම ව්‍යාජ ක්‍රොඒෂියානු ගුවන් ගමන් බලපත්‍ර සැකසීම සඳහා එක් අයකුට යුරෝ 1,000 ක් හෙවත් ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ දෙකක් වැය වූ බවත්, ඔවුන් වැඩිදුර ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය කළහ .
ඔවුන් මීට පෙර පෝලන්තය වෙත යෑම සඳහා වීසා අයදුම් කළ ද , ඒ සදහා ඔවුන්ට අවසර නොමැති බව දන්වා ඔවුන්ගේ ගුවන් ගමන් බලපත්‍රවල පෝලන්ත බලධාරීන් මුද්‍රා තබා ඇති ආකාරය ද දිස් විය .
පසුව කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ තාක්ෂණික නිරීක්ෂණ සඳහා මෙම ගුවන් ගමන් බලපත්‍ර සහ හැඳුනුම්පත් යොමු කළ අතර , එහිදී ඒවා ව්‍යාජ ලියකියවිලි බව නිසැකවම තහවුරු විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ අපේ මිනිස්සු .. ඉරාන්වල වලන් හෝදපු අතිතයකුත් තිබුනා කියලා අමතක කරන්න එපා . ඒ කාලේ ඉරානයට කිව්වේ ආසියාවේ පුංචි ඇමෙරිකාව කියලා. මේ මනුස්සයෝ ... දුෂනවලින් තොරව අපේ රටට පැමිණියහම මොනවද වෙන්නේ ? දැනට අපේ රටේ මැදපෙරදිග විදේශිකයෝ 7000 කට වැඩි ප්‍රමාණයක් ගොඩබැහැල වීසා නැතුව හැංගිමුත්තන් කරමින් ඉන්නවා. ඔන්න ඔය වගේ අයව තමයි අල්ලලා අපහු ආපු දිහාවටම පටවන්න ඕනේ.