
(අජන්ත කුමාර අගලකඩ)
විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර යන අමාත්‍යවරුන් කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඊයේ (03) ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලය ඊයේ දහවල් පැවැති ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකදී ඔවුන් මෙම ඉල්ලීම කර ඇතැයි දැනගන්නට ඇත .
විමල් වීරවංශ ,උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර යන අමාත්‍යවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ කිහිපයක් සමග පෙරේදා (02)රැස්වීමක් පවත්වා ආණ්ඩුව විවේචනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා තිබූ බවද වාර්තා වේ.
විමල් වීරවංශ, උදය ගම්මන්පිල වාසුදේව නානායක්කාර යන ඇමතිවරුන් ආණ්ඩුව පිහිටු වූ දා සිටම ආණ්ඩුවට එරෙහිව කටයුතු කර ඇති බැවින්, ඔවුන් සමග ඉදිරියට ගමනක් නැති බව එම මැති ඇමැතිවරුන් පෙන්වා දී ඇතැයි ද වාර්තා වේ .
එබැවින් ඔවුන් ඉවත් කර ආණ්ඩුව අලුත් ගමනකට මුල පිරිය යුතු බවද එම මැති ඇමැතිවරුන් එහිදී සදහන් කර ඇතැයි දැනගන්නට ඇත. ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කරන මෙම තිදෙනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ වෙනත් ගමනක් යාමට සූදානම් වන බවත් ,ඊට ඉඩදිය යුතු නැති බවත් එම මැති ඇමතින් පෙන්වා දී ඇතැයි දැනගන්නට ඇත .
අගමැති මහින්ද රාජපක්ෂ ,ඇමැතිවරුන් වන බැසිල් රාජපක්ෂ ආචාර්ය බන්දුල ගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ, ආචාර්ය සරත් වීරසේකර ,රෝහිත අබේගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි රාජ්‍ය ඇමතිවරුන් වන කාංචන විජේසේකර , ශෙහාන් සේමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන, මධුර විතානගේ, ම්ලාන් ජයතිලක, කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක් ඊට සහභාගී වී ඇත .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තටම හරිම කණගාටුදායක ආරංචියක්.. මෙයනම් නොවිය යුත්තක්... මෙහෙම ගියොත් අපිටත් එපාවේවි...!!!
අන්න විජේවීර මහත්තයාගේ පුතා කට්ටිය හොයනවලු... ගිහින් බැලුවා නම්...?
මේක තවත් නාටකයක්...!
නැව ගිලෙන බව දැනගෙන මීයෝ ටික පනින්න බලාගෙන ඉඳලා තියෙන්නේ...
කෝ ඔයාලගේ අනිත් ජෝකර්...? බොරළුගොඩ ලොම් හැලුණු කෙනා...! තාම පොහොට්ටුවේ කටු කනවද?