
(අජන්ත කුමාර අගලකඩ)
අමාත්‍යධුරවලින් ඉවත් කරනු ලැබූ විමල් වීරවංශ ,උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇතුළු ,ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 10 ක මන්ත්‍රීවරුන් 16 දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීනව සිටීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එම පක්ෂ දහයේ නායකයන් විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ නිල නිවසේ පෙරේදා (04) පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වේ .
ඒ අනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ලෙස කටයුතු කරන ,විමල් වීරවංශ මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් හය දෙනකු ද ,උදය ගම්මන්පිල මහතාද, වාසුදේව නානායක්කාර මහතාගේ පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු ද, අතුරලියේ රතන හිමියන් ද, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග ,ඒ එල් එම් අතාවුල්ලා ඇතුළු මන්ත්‍රීවරුන් දහසය දෙනකු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් ලෙස කටයුතු කරනු ඇත
මේ අතර ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ආරම්භ කර ඇති දේශපාලන ක්‍රියාමාර්ග දිගටම ගෙන යාමටත්,විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමතිධුරවලින් ඉවත් කිරීමට විරෝධය පළ කරමින් හවුල්කාර පක්ෂ එකොළහේ නායකයන්ගේ අත්සනින් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමටත් එම රැස්වීමේදී තීරණය කර ඇත .
ඊට අමතරව රට හරි මගට නමින් ඉකුත් දා නිකුත් කළ කරුණු දහයකින් යුත් යෝජනාවලිය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ට පිළිගැන්වීමට සහ ජනතාව අතර බෙදා දීමට ද එහිදි තීරණය කර ඇත.
ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ලබන සතියේ දී පක්ෂ නායකයන් රැස්වී සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේදී තීරණය වී ඇත .
අතුරලියේ රතන හිමියෝ ද ,විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානයක්කාර , ඩිව් ගුණසේකර විශේෂඥ වෛද්‍ය ජී වීරසිංහ, මහාචාර්ය තිස්ස විතාරණ ,වීරසුමන වීරසිංහ ,ගෙවිදු කුමාරතුංග, ටිරාන් අලස් යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ වැරදීගෙන එනකොට කිඹුල් කඳුළු නේද? රැවටෙන්න, තව තව රැවටෙන්න. දෙන්නකෝ මේ ගොල්ලන්ට ඡන්දෙ තවපාරක්... හැබැයි ඔන්න ඊළඟපාර නම් ලෙමන් පෆුයි, හම්බවෙන්නේ නැහැ.
බල්ලාගේ මරණය දැනෙන මැක්කෝ වෙනත් පැවැත්මක් සොයායාමක්... මේ ඔක්කොම වෙන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිවරයාගේ අනුදැනුම මත බවයි අපට වැටහෙන්නේ... රාජපක්ෂ පවුලේ ආණ්ඩුව වුණත් මේ කල්ලිය හැමවිටම මහින්ද මහතාව ආරක්ෂා කරමින් කතා කරන්නේ ඇයිද යන්න අපි තේරුම් ගතයුත්තෙමු... ඉතාදක්ෂ රඟපෑමක යෙදෙන විමල් සහ ගම්මන්පිල අනාගතයේ නාමල් රාජපක්ෂට කිරුළු පැළඳීමට බලඇණි සූදානම් කරන බවක් තමයි අපට පෙනෙන්නේ. රටම සූරා කෑවත් පාලකයින් උපාසකයින් ලෙස පිළිගන්නා ජනතාවක් රටේ සිටීම රටේ කරුමයකි...
20 සම්මත කරගෙන උගුර කැඩෙන්න ගැහුවේ මේ මිනිස්සුමයි... බැසිල් ඒ හරහා පාර්ලිමේන්තුවට එන බව දැනගෙනමයි මේ මිනිස්සු ඡන්දෙ දුන්නේ... අද වීරයෝ වෙන්න හැදුවත් මේ මිනිස්සු ද්‍රෝහීන් වෙලා ඉවරයි.
ජවිපයෙන් කුණු බක්කියට විසිවුණු ගොඩක් අයගේ අවසන් අම්බලම වුණේ නම් එක්සත් ජාතික පක්ෂයයි...!
ස්වාධීන වෙනකම් කළින් වහල්ලු වෙලා ඉන්න ඇති නේද?
මගේ දැනීමට අනුව මේ අය රටට ජාතිද්‍රෝහී වැඩ තමයි කරන්නේ..!
හොඳ වැඩේ... තවත් මේ රටේ මිනිස්සුන්ව අන්දන්නේ නැතිව ඔක්කොම එකතු වෙලා පනින්න මහමුහුදට...
ලබන ඡන්දෙ වෙනකම් පාපුවරුවේ ඉඳලා, ඊට පස්සේ උඩට නැගලා ඇතුලේ වාඩිවෙන එකයි ඇත්තේ...
අපි හිතුවෙ දැන් නඩයම මහණ වෙයි කියලා...
මේ සෙට් එක යන යන තැන ඉවරයි... රට නන්නත්තාර වෙලා දැන් තමයි මොලේ පෑදිලා තියෙන්නේ...