IMG-LOGO

‘විමල්-උදය-වාසු මැතිසබයේ නෑ‘

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඇමැති ධුරවලින් ඉවත් කෙරුණු විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මන්ත්‍රීවරුන් පැමිණෙනු ඇතැයි බොහෝ දෙනකු බලාපොරොත්තුවෙන් සිටියද එම දෙදෙනා  පාර්ලිමේන්තුවට  අද (8) නොපැමිණියහ.

එසේම ඇමැති ධුරයේ රාජකාරී කටයුතුවලින් ඉවත්ව සිටින වාසුදේව නානායක්කාර මහතාද පාර්ලිමේන්තුවට ඊයේ  නොපැමිණියේය.

මේ අතර අලුතින් පත්වූ ඇමැතිවරුන් මැතිසබයේ  ඉදිරි පෙළ  අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.

කර්මාන්ත අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු එස් බී දිසානායක මහතා ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ දෙවැනි  ආසනයේ අසුන් ගෙන සිටි  අතර  ප්‍රවාහන අමාත්‍ය ධූරයට අලුතින් පත් කෙරුණු  දිලුම් අමුණුගම මහතා ආණ්ඩු පක්ෂයේ දෙවැනි පේළියේ 30 වැනි ආසනයේ අසුන්ගෙන සිටිනු දැකගත හැකිවිය.

දිලුම් අමුණුගම  සහ එස් බී දිසානායක යන මහත්වරුන් අසලට පැමිණි සහෝදර මන්ත්‍රීවරු එම දෙපළට සුභ පැතුම් පිරිනැමූහ.

විමල් වීරවංශ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ 73 වැනි ආසනයද උදය ගම්මන්පිල මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ  78 වැනි  ආසනයද වෙන්කර තිබෙනු දැකගත හැකි විය.



අදහස් (3)

‘විමල්-උදය-වාසු මැතිසබයේ නෑ‘

ජගත් ලියනගේ Tuesday, 08 March 2022 01:05 PM

ඕවාට කියන්නේ ඔරිජිනල් නාට්‍ය කියලා... බහුතරයක් ඕවට අහු වෙනවා..

:       0       0

kamal Tuesday, 08 March 2022 01:30 PM

දවසේ පඩිය කැපෙයිද?

:       0       0

Kumara Tuesday, 08 March 2022 04:57 PM

මේ තුන්දෙනාටම ආසන වෙන් කරන්න එපෑයෑ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 146 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 433 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 67 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site