(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන මහත්වරුන් ඇමැති තනතුරුවලින් ඉවත් කිරීම සහ ඇමැති මණ්ඩලයේ කිහිපදෙනකුගේ ඇමැති තනතුරු වෙනස්වීම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේද වෙනසක් කළ බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ලංකාදීපයට පැවැසීය.
මේ අනුව විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල යන හිටපු ඇමැතිවරුන් සඳහා ආණ්ඩුපක්ෂයේ පසුපෙළ අසුන් පැනවූ බවද ඔහු සඳහන් කළේය.
විමල් වීරවංශ මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 73 වැනි ආසනයත් උදය ගම්මන්පිල මහතාට ආණ්ඩු පක්ෂයේ පසුපෙළ 78 වැනි ආසනයත් මේ අනුව හිමිවනු ඇත.
කර්මාන්ත අමාත්‍යධූරය හිමි වූ එස් බී දිසානායක මහතා පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයකු හෙයින් ඔහුට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ දෙවැනි ආසනය ( හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ආසනයට යාබද ආසනය ) පනවනු ලැබ ඇත.
ඉදිරි පෙළ දෙවෙනි ආසනය මීට පෙර පනවනු ලැබ තිබුණේ විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාටය. පීරිස් මහතාට ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ වෙනත් ආසනයක් පිරිනැමෙනු ඇත.
ප්‍රවාහන අමාත්‍යධූරයේ දිවුරුම් දුන් දිලුම් අමුණුගම මහතාට හිමිවන්නේ ආණ්ඩු පක්ෂයේ දෙවැනි පෙළ තිස්වැනි ආසනයයි.(අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ආසනයට යාබද ආසනය)
කෙසේ වෙතත් අමාත්‍ය සී බී රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක යන මහත්වරුන්ගේ අසුන් වෙනස් නොකෙරෙනු ඇත.
එසේ වෙනස් නොකෙරෙන්නේ ඔවුන්ගේ ඇමතිධුරයන්හි විෂයන්වල වෙනසක් පමණක් සිදුවූ නිසා යැයි වේත්‍රධාරිවරයා පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් කලේ කොන්ත්‍රාත් එකක් නොවෙයි නම් එතැනින් දොට්ට වැටේවි කියලා හිතෙනවා...
ජාතිවාදී ගල් පිළිම සහ දේශප්‍රේමි බොල් පිළිම බව දැන් ජනතාව තේරුම්ගෙන හමාරයි. මීළඟ ඡන්දයේදී කුණු බක්කියට වැටෙනවා...