
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගෙ)
එල්ලෙන්න වැල් නැති විපක්ෂය ටී වී ෂෝ දමමින් සිටින බව වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
'විපක්ෂය එල්ලෙන්න වැල් නැති වුනාම හැම වැලකම එල්ලෙන්න හදනවා.අපි මේවට මුහුණ
දෙන්න සූදානම්. ඔබ තුමාලා ප්‍රශ්න ඇහුවොත් ඒවට උත්තර දෙනවා.අපේ මන්ත්‍රීවරු විනයක් සහිතව කටයුතු කරද්දී විපක්ෂය මන්ත්‍රීවරියන්ට අපහාස කළා.බොරු ටීවී ෂෝ දාන්නේ නැතිව එලියට ඇවිත් කියන දෙයක් කියන්න.පාර්ලිමේන්තුව වැදගත් සභාවක් ලෙස මෙහෙයවන්න අප සහාය ලබා දී තිබෙනවා. එහෙම තියෙද්දී ටී.වී ෂෝ දානවා.පාර්ලිමේන්තු පිටියට මාධ්‍යයට එන්න කියලා ටීවී ෂෝ එකක් කළා නම් හරි.පාර්ලිමේන්තුවේ කාලය මේ විදියට අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ට අදාළ විෂය නැතුව අනෙක් හැමදේම දන්නවා කියලා හිතන්න ඉන්න සදාකාලිකව ඇමති වෙලා ඉදියි කියලා පම්පෝරි ගහන ප්රමුඛ පෙලේ අයෙක් මේ. හරිම සුදනා. වැරදි කරලම නෑ.
තොපි නේ යකෝ ෂෝ දාන්නේ. කිසිම වැඩක් කරන්නේ නැහැ. බොරුවට කෑගගහ ෂෝ පෙන්වනවා.
ෂෝ එක පටන්ගත්තා විතරයි. බලාගෙන ඉමු.
අබල දුබල සුන්බුන් විපක්ෂය තමන්ගේ සුපුරුදු හා නින්දිත දේශපාලන චර්යාවන් රටට ප්‍රදර්ශනය කරමින් ඉන්නවා. ඊළග පාර මෙයින් බහුතරයකට පාර්ලිමේන්තුව පැත්ත පළාතකට වද්ද නොගන්නා ජනතාව කටයුතු කළ යුතුය.
එහෙනම් කියන්න බලන්න අර අනුන්ට අයිති ගොඩනැගිල්ලකට හොර ඔප්පු හදලා බදු දීපු නඩුවට මොකද වෙන්නේ කියලා.
සහතික ඇත්ත. පාර්ලිමේන්තුවේ මැදට ඇවිත් කරන විකාර පරණයි. ආණ්ඩු පක්ෂය මොන අසාධාරණයක් කළත් ඒකට එරෙහිව කරන ඔය ක්‍රමය ජනතාව ප්‍රතික්ෂේප කරනවා, මෙයාල වෙනස් වෙන්න කැමතිම නැහැ. ප්රභූලගෙ හැටි එහෙම තමයි
දිගටම නටන්න. දැන් වතුර රත්වී ගෙන එන්නේ.