(අජන්ත කුමාර අගලකඩ)
කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වී අදට දින හතරක් ගත වුවද, ඇමතිවරුන් තිදෙනකු හැරෙන්නට සම්පූර්ණ කැබිනට් මණ්ඩලය පත්කිරීමට තවමත් නොහැකි වී ඇත.
ආණ්ඩුවට එල්ල වී ඇති දැඩි විරෝධය හමුවේ කැබිනට් මණ්ඩලය ඉකුත් ඉරිදා(03) රාත්‍රියේ ඉල්ලා අස්විය .
පාර්ලිමේන්තුවේ කටයුතු පවත්වාගෙන යාම සඳහා සහ රජයේ කටයුතු ස්ථාවරව පවත්වාගෙන සඳහා කැබිනට් ඇමතිවරු සිවුදෙනෙක් පමණක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉකුත් සඳුදා (04) පත්කරනු ලැබූහ.
කෙසේ වුවද මුදල් ඇමතිවරයා ලෙස දිව්රුම් දුන් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දී පැය විසිහතරක් ගතවීමටත් මත්තෙන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය.
එම තත්වය මත දැනට ඉතිරිව ඇත්තේ ඇමතිවරුන් තිදෙනකු පමණි උද්ගතව ඇති ජාතික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අමාත්‍ය ධුර බාරගෙන කැබිනට් මණ්ඩලයට එක් වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉකුත් අඟහරුවාදා (05) ආරාධනා කළේය.
ඇමති ධුර බාර ගන්නා ලෙස ජනාධිපතිවරයා සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළත්, විපක්ෂයේ කිසිදු පක්ෂයක් ඇමති ධුර බාර ගැනීමට මෙතෙක් කැමැත්ත පළකර නැත.
සමගි ජන බලවේගය,ජාතික ජන බලවේගය ,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, එක්සත් ජාතික පක්ෂය ඇතුළුපක්ෂ ඇමති ධුර බාර නොගන්නා බව ප්‍රකාශ කර ඇති අතර, ඒ හේතුව මත සියලු දේශපාලන පක්ෂ එක්කොට කැබිනට් මණ්ඩලයක් පත් කිරීමේ උත්සහාය ඇණ්හිට ඇත .
තත්ත්වය තුළ ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත් කරන දිනයක් සම්බන්ධ තවමත් අවසන් තීරණයක් ගෙන නැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වග කීමක් බාරගෙන එය කළ නොහැකි වග ඔවුන් දන්නා අතර විපක්ෂයේ ඉඳන් විවේචනය කිරීමත් අපට දුන්නානම් කරන්නේ මෙහෙමයි කිය කියා සිටීමත් ඉතා ලේසි වගද ඔවුන් දනී. පක්ෂ බදාගෙන සටින සාමාන්‍ය පුරවැසියන් විවෘත මනසකින් සියල්ල දෙස බලනතුරු සත්‍ය අවබෝධ නොවේ. එහි හානිය රටට ය.