(අංජුල මහික වීරරත්න)
කෝපි වගා ව්‍යාප්තිය වැඩිකිරීම සඳහා රක්ෂණාවරණයක් ලබා දීමට කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සැලසුම් කර ඇත.
කෝපි වගා කිරීමේදී අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශය ලබාගත යුතු බැවින් එම නිර්දේශයට යටත්ව සිදු කරන කෝපි වගාවන් සඳහා මෙම රක්ෂණ යෝජනා ක්‍රමය හඳුන්වා දෙනු ලැබේ.
මෙහිදී, කෝපි පැල සිටුවීමෙන් පසු පළමු වර්ෂ 3 සඳහා ඒ ඒ වර්ෂ වලට අදාල රක්ෂිත මුදලින් 7% ක වාර මුදලක් යටතේ රක්ෂණාවරණය නිකුත් කරනු ලබන අතර, ඒ අනුව පළමු වර්ෂය සඳහා රුපියල් 510,000ක් දෙවන වර්ෂය සඳහා රුපියල් 660,000ක් තුන්වන වර්ෂය සඳහා රුපියල් 840,000ක් වශයෙන් රක්ෂණාවරණ ලබා දීම සිදුවේ.
කෝපි වගා කිරීමේදී මුහුණ දීමට සිදුවන නියඟය, ගංවතුර, වන අලි හානි, පාලනය කළ නොහැකි ශාක රෝග, පාලනය කළ නොහැකි කෘමි උවදුරු, හා වෙනත් වන සත්ව හානි මේ මඟින් ආවරණය කරනු ලබන අතර එක් එක් ආවරණයක් සඳහා රක්ෂිත මුදලින් 0.5% අමතර වාරිකයක් යටතේ හදිසි ගිනි ගැනීම්, නායයෑම් යන අමතර ආවරණ ලබා ගැනීමටද මේ මඟින් කෝපි වගාකරුවන් වෙත අවස්ථාව
සලසා ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති පේමසිරි ජාසිංආරච්චි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd