(බී. ජී. චතුරංග )

අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගෙන සිටියදී අත්අඩංගුවට ගෙන පොලිස් සිරකූඩුවේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකු අද (04) මිහින්තලේ පොලිසියෙන් පලා ගොස් ඇති බව පොලිසිය පවසයි.

මිහින්තලේ පොලිසිය ඊයේ (03) සවස සිදු කළ මෙහෙයුමකදී මිහින්තලේ අඹතලාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29 සහ 30 වන සැකකරුවන් දෙදෙනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.

ඔවුන් සන්තකයේ තිබී පිළිවෙළින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 250ක් සහ ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 300ක් බරැති අයිස් මත්ද්‍රව්‍ය  සොයාගෙන තිබූ බව පොලිසිය සඳහන් කලේය.

අදාළ සැකකරුවන්ට මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අදාළ නීති ප්‍රතිපාදන යටතේ නඩු පවරා තිබූ අතර, අද (04) දින අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියදී මෙම පලායාම සිදුව තිබේ.