
(අංජුල මහික වීරරත්න)
විපක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන්- සභාපතිවරුන්- පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ජීවිත වල වගකීම රජය සතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්න කියා කතානායකවරයාට දැනුම් දුන්නත් තවමත් ප්‍රතිචාර නොමැති බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
බොරුව පසෙකලා නීතිය හා සාමය ඇති කරන්න පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ මට්ටක්කුලිය සම්මන්ත්‍රණ පුර ජන හමුවක් අමතමිනි.
ඝාතකයන්, කුඩු කල්ලි සමඟ සමගි ජන බලවේගයට සම්බන්ධතා නැති බව කී ප්‍රේමදාස මහතා ඝාතන - කුඩු සංස්කෘතිය, දුරාචාරය සමගි ජන බලවේගය සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉතිං ඔය ඔය කියන විදිහට පළාත් පාලන මන්ත්‍රීවරු 8000 කට පොලිසියේ දෙන්නා ගානේ 16,000 ක් දියල්ලකෝ අපේ බදු මුදල් වලින්. මූට නම් අමු පිස්සු, නිකන්වත් මේ වගේ එකෙක් ජනාධිපති උනානම් මහින්දට හපන් , වෙඩිනොවදින වාහන 100, security අය 1000 ක් අරගෙන යයි යන හැම තැනම (වාහන 100 ක් විතර පිරිවරාගෙන)
සමගි ජන පාතාලේ ( SJP ) හි පාතාලය හා සම්බන්ධ සියපු සාමජිකයන් ගැන පොලිස්පති තුමා හෙළි කිරීමට අවශ්‍යයි
අම්මේ මෙන්න අනාගත ජනාධිපති , කටේ දිවේ නොගැවෙන්න පච විදිනව. මිදිගම ලසා ගැන රටම දන්න සත්‍ය හෙලිවෙලා තියෙනකොට මේ මනුස්සය මේ මොනවද කියන්නෙ? අඩුම ගානෙ සුමාන දෙකක් වත් ගියහම ඔය බොරුව කීව නම් සමහරුන්ට අමතක වෙලා තියේවි.
අපේ බදු මුදලින් තක්කඩියන්ට ආරක්ෂාව නොදෙනු.
දකිනව රජයේ මන්ත්‍රිවරු එක පොලිස් නිලධාරියෙක් වත් නැතිව තම රාජකාරියේ යෙදෙනවා. මේ මනුස්සයගේ වැඩේ මොනව හරි බොරුවක් අල්ලගෙන කෑගහනවා. කිසි මන්ත්‍රි කෙනෙකුට ආරක්ෂාව නොදිය යුතුයි. තමන්ට ජිවිත තර්ජනයක් තියෙනවා පොලාසියට පැමිනිලි කරන්න. එතකොට පරික්ෂණ කරලා ආරක්ෂාව දෙන්න පුලුවන්. පාතාල සම්බන්ධකම් තියෙන අයට තමයි ප්‍රශ්නය තියෙන්නේ.
යකෝ, පාතාලයට නාමයෝජනා දෙන්න. කථානායක ගෙන් ආරක්ෂාව ඉල්ලන්න පිස්සුද මනුස්සයෝ.
මේක පිස්සු නෙමෙයි. දේශපාලන බංකොලොත් බව, දේශපාලන අනාථබව, පොදු විපක්‍ෂයටම මේ දවස්වල තිබෙන රෝගයකි. බොහොත් නැත. ඉදිරියේ දී තවත් උත්සන්නවීමට පුළුවන. මරණය පවා ඇතිවිය හැකිය.
ආරක්ෂාව ඕනෑ වෙන්නේ හොරකම්, වන්චා, දූෂණ කරපු, පාතාලේ එක්ක හාදකම් පවත්වපු අයට. හරියට හිටියා නම් ආරක්ෂාවක් අහවල් දේකටද? තමුන්ම නේද පාතාලේ එක්ක සම්බන්ධකම් පවත්වපු එකෙක් වැලිගම සභාපතියා කෙරුවේ. ලැජ්ජයි තමුන්ගේ පක්ෂයවත් හරියට කරගන්න බැරුව කයිවාරු නම් ගහනවා...
තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම බලාගනු