IMG-LOGO

2025 නොවැම්බර් මස 18 වන අඟහරුවාදා


විපක්ෂෙ තර්ක පැය 24 න් ඉවරයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයට ඔවුන්ගේ ඉදිරි දේශපාලන අරමුණ පිළිබඳව කිසිම එකඟතාවයක් නැති බැවින් පැය 24ක් වත් පවතින තර්කයක් ඉදිරිපත් කරගන්නට නොහැකි වී ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.

"විපක්ෂය අප ගැන කියන දේවල් වල මොකක් හරි  තර්කයක් අල්ලගන්න මම උත්සාහ කළා. උත්තරයක් දෙන්න වුනත් ඒක දැනගන්න අවශ්‍යයි නේ.මේවායේ දේශපාලන ලොජික් එකක් තියෙනවාද කියලා මම තදින්ම හෙව්වා. හරිම අමාරුයි ඒ තර්කය හොයාගන්න.කරුණු අතර කිසිම සම්බන්ධයක් නෑ.විවාදය සාර්ථකව කරගෙන යන්න නම් ඔවුන් ඉදිරිපත් කරන එක තර්කයක් පැය 24කට වඩා පවත්වාගෙන යන්න උත්සාහ කරන්නැයි මා විපක්ෂයට යෝජනා කරනවා.පැය 24ක් වත් පවතින්නේ නැති තර්ක අහගෙන ඉන්නත් අමාරුයි,

යනුවෙන්ද අග්‍රාමාත්‍යවරිය කීවාය.



අදහස් (1)

විපක්ෂෙ තර්ක පැය 24 න් ඉවරයි

සම්පත් Sunday, 16 November 2025 11:25 AM

අගමැතිතුමිය. මොන කයිවාරු ගැහුවත් වැඩක් නැහැ... ජීවන බර සැහැල්ලු නොකර. ආණ්ඩුවට වසරක් අවසන්. ඒත් මිනිස්සු තුන්වේල කන්නේ අමාරුවෙන්. බඩු ගිනි ගණන්. කෝ 150 පෙට්‍රල්? 33% අඩුකරපු ලයිට් බිල. මේ බොරු පොරොන්දු නිසා තමයි දින්න විදියටම අද සමූපකාර ටික පරාද වෙන්නේ?

:       4       52

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 23 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 869 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2506 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site